ෂැංග‍්‍රිලා වෙඩින් ගත්තේ, පියුමිට ඇදුම් ගිහින් දුන්නේ ඇමතී සරත් වීරසේකරගේ පුතාද..?

නිරෝධායනයට ලක්කර සිටින නිරූපණ ශිල්පිනී පියුමි හන්සමාලීගේ ඇදුම් බෑගයත් එම නිරෝධායන මධ්‍යස්ථානය ගෙනගොස් දුන්නේ තම පුත්‍රයා නොවන බව මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

ඔහු සඳහන් කරන්නේ පියුමි හන්සමාලි කියන ආකාරයට ඇයට ඇඳුම් ගෙනත් දී ඇත්තේ ඇයගේ නිවස ළඟ වෛද්‍යවරයෙකු බවයි.

තම පවුල පදිංචි සිටින්නේ ඇයගේ නිවස අසල නොවන බවත් තම පුත්‍රයා ඇය හඳුන්වන්නේවත් නැති බවත් මෙම ප්‍රචාරයන් මඩ පමණක් බවද ඇමැතිවරයා පවසා සිටියි.

තම පුත්‍රයා ගේ විවාහ මංගල්‍යය ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්වූ බවට පළ වන වාර්තාද අසත්‍ය යයිද ඔහු සඳහන් කරයි.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මංගල උත්සව පැවැත්වීම තහනම් බවත් තම පුත්‍රයා ගේ විවාහ ගිවිස ගැනීම පමණක් පැවති බවත් සඳහන් කරන ඔහු එය පැවතුණේ ද පවුලේ සාමාජික සහභාගිත්වයෙන් පමණක් තම නිවසේ බව ද ඔහු කියා සිටියි.

පියුමි හංසමාලි තමන් හඳුන්වන්නේ වත් නැති බවත් පසුගිය දෙවැනි දා නීතිඥවරයෙකු තමන් අමතා නිරෝධායන මධ්‍යස්ථානයට ගෙන යන පිරිසගේ ඇඳුම් පැළඳුම් ගෙන යාමට අවස්ථාව දෙන ලෙස ඉල්ලා සිටි බවත් ඉන් පසුව පියුමි හංසමාලි නම් කාන්තාවක් තමන්ට ඇමතුමක් ලබාගෙන එම ඉල්ලීමම කළ බවද ඔහු සඳහන් කරයි.

මහජන නියෝජිතයකු ලෙස ඒ සඳහා අවස්ථාවක් ලබාදීමට කටයුතු කළ බවත් ඒ හැර වෙනත් කිසිම උපදේශයක් නොදුන් බවත් ඔහු තව දුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13


?