ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේවනවිටත් අනාවරණය වි තිබේ.
මෙම විමර්ශණවලදී ඔහු ගමන් කළ මාර්ගය අවට සීසීටීවී කැමරා විස්සකට වැඩි සංඛ්‍යාවක දර්ශන පරීක්ෂාවට ලක් කර ඇතැයි පොලිස් මූලස්ථානය පැවසීය. සීසීටීවී දර්ශන පරීක්ෂාව සඳහා පොලිස් නිලධාරීහු කණ්ඩායම් පහක් යොදවනු ලැබ සිටිති.
මෙයට අමතරව ෂාෆ්ටර් මහතාගේ ජංගම දුරකථනයේ සඳහන්ව ඇති තොරතුරු සම්බන්ධයෙන් දුරකතන සමාගම්වල සහාය ඇතුව වෙනම විමර්ශනයක් පවත්වන බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවැසීය.
ඝාතනය සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරු කිහිපයක් ගැන විශේෂ අවධානය යොමුවී ඇතැයිද ඔහු සඳහන් කළේය.ෂාෆ්ටර් මහතා බොරැල්ල කනත්ත අසලදී ඉකුත් බ්‍රහස්පතින්දා ඝාතනය කෙරුණේ වයරයකින් ගෙල සිර කිරීමෙන්.
