ෂකීබ් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට

බංග්ලාදේශ නායක ෂකීබ් අල් හසන් එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්කර තිබෙනවා.

ඔහුගේ වම් දබර ඇඟිල්ලේ ඇති වූ ආබාධයක් හේතුවෙන් බංග්ලාදේශ නායකයා මෙලෙස තරගාවලියෙන් ඉවත්කර ඇති බවයි වාර්තා වන්නේ.

දිල්ලි හිදී ශ්‍රී ලංකාවට එරෙහිව ඊයේ (06) පැවති තරගයේ පන්දුවට පහර දෙමින් සිටිය දී ෂකීබ් අල් හසන් මෙලෙස ආබාධයට ලක් වුණා.

තරගයෙන් පසු ඔහු දිල්ලියේ දී හදිසි එක්ස් රේ පරීක්ෂාවකට භාජනය කර ඇති අතර, එහිදී ඔහුගේ වම් දබර ඇඟිල්ලේ අස්ථි බිඳීමක් සිදුව ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඒ, අනුව ඔහුට සති තුනක පමණ කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටීමට සිදුවන බවයි බංග්ලාදේශ පිළේ ශාරීරික වෛද්‍ය බයිජෙදුල් ඉස්ලාම් ඛාන් පැවසුවේ.

මේ හේතුවෙන් ඔහු අද (07) දිනයේ යළි බංග්ලාදේශය බලා පිටත්කර යැවීමට කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් බංග්ලාදේශ කණ්ඩායම මේ වනවිටත් තරගාවලියෙන් නිල වශයෙන් ඉවත්ව ඇති අතර, ලීග් අදියරේ ඔවුන්ට ක්‍රීඩා කිරීමට තවත් එක් තරගයක් ඉතිරිව පවතිනවා.

ඒ, නොවැම්බර් 11 වනදා පූනේහි දී ඕස්ට්‍රේලියාවට එරෙහිවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
15
+1
4
+1
147
+1
5
+1
3
+1
8
+1
28
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17