ශූරයින්ගේ කුසලානයේ අවසන් මහා තරගයට ඉන්දියාව සුදුසුකම් ලබා ගනියි

2025 ශූරයින්ගේ කුසලානයේ අවසන් මහා තරගයේ පළමු අසුන තමන් නමින් වෙන් කරගැනීමට ඉන්දීය කණ්ඩායම මීට ටික වේලාවකට (04) පෙර සමත් වුණා.

ඒ ඩුබායි හි දී පැවති අවසන් පූර්ව වටයේ තරගයේ දී ප්‍රබල ඔස්ට්‍රෙලියානු කණ්ඩායම කඩුලු 04කින් පරාජයට පත් කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ නායක ස්ටීවන් ස්මිත් පළමු ව පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 264ක් පමණයි.

ඔස්ට්‍රෙලියානු කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා ලෙස ස්ටීවන් ස්මිත් ලකුණු 73ක් ලබාගත්තා.

ඇලෙක්ස් කේරි ලකුණු 61යි.

ට්‍රවිස් හෙඩ් ලකුණු 39ක් ලබා ගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී මොහොමඩ් ශාමි කඩුලු 03ක් ද, වරුන් චක්‍රවර්තී සහ ජඩේජා කඩුලු දෙක බැගින් ද බිඳ දැමුවා.

එක් කඩුල්ල බැගින් අක්සාර් පටෙල්ට හා පාණ්ඩ්‍යා වෙත හිමිවුණා.

ජයග්‍රහණයට ලකුණු 265ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 48 ආරම්භයේ දී සිය ජයග්‍රහණය වාර්තා කළා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ විරාට් කෝලි ජාත්‍යන්තර සිය 74 වැනි එක්දින අර්ධ ශතකය ලබාගත් අතර 52 වැනි එක්දින ශතකය පෙනෙන මානයේ දී ලකුණු 84කට දවා ගන්නට ඇඩම් සම්පා සමත් වුණා.

ශ්‍රෙයාර්ස් අයියර් ලකුණු 45 යි.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් කේ. එල් රාහුල් නොදැවී ලකුණු 42ක් ලබාගත්තා.

ඊට අනගි සහායක් දුන් හර්ඩික් පාණ්ඩ්‍යා ලකුණු 28ක් ලබා ගැනීමට සමත් වුණා.

කඩුලු බිඳ දැමීමේ දී සම්පා කඩුලු 02ක් සහ එලිස් කඩුලු 02ක් දවා ගත්තා.

බෙන් සහ කූපර් එක් කඩුල්ල බැගින් බිඳ දැමුවා.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම මාර්තු මස 09 වැනි දින ඩුබායි හි දී පැවැත්වීමට නියමිත චැම්පියන්ස් කුසලානයේ අවසන් මහා තරගයට සිය ස්ථානය කල් වේලා ඇතිව ම වෙන් කරගත්තා.

තරගයේ වීරයා සම්මානය විරාට් කෝලි විසින් දිනාගනු ලැබුවා.

හෙට අවසන් මහා තරගයට පිවිසෙන අවසන් කණ්ඩායම තීරණය කෙරෙන නවසීලන්ත – දකුණු අප්‍රිකා තරගය පැවැත්වෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ළමා නිවාසයේ දරුවන්ට අවුරුද්දට පියෙක් වුණ මහවැලි තාත්තා.."මෙයාලට අම්මලා තාත්තලා නෑනේ"
04:57
Video thumbnail
මේ මනුස්සයා Highway Wrong Side යන හැටි..මෙහෙම මිනිස්සු නිසා තමයි අනතුරු වෙන්නේ..
00:55
Video thumbnail
අනුරට කළ්‍යාණ මිත්‍රයව හපන්න ඉබින්න ගොඩක් කල් තිබ්බා..ගල් අඟුරු හපන්න ඕනි නෑ l Dilith Jayaweera
08:43
Video thumbnail
චීවර දාගත්ත නිකන් මිනිස්සු - වැරදි වැඩ මේ
00:57
Video thumbnail
උතුරේ ඉන්න භික්ෂූන්ට බලපෑම් කරනවා - කස්සප හිමි සියල්ල හෙළිකරයි..උතුරෙන් පලවා හැරීමේ ක්‍රියාවක්
11:49
Video thumbnail
හදවත් රෝගය නිට්ටාවට සුව කරන එකම තැන - "හබරකඩ වෙද ගෙදර"
02:37
Video thumbnail
"චීවර දාගත්ත නිකන් මිනිස්සු - වැරදි වැඩ මේ" සලේට අත්සන් ලක්ෂ‍යක් ලබා ගද්දි දැඩි උණුසුම් තත්ත්වයක්
01:58
Video thumbnail
අනුර අද තමන් හදපු ප්‍රබන්ධයේම හිරකාරයෙක් වෙලා..අනුරගෙ මර්දනවලට අපි බය වෙන්නේ නෑ
05:20
Video thumbnail
මහා ප්‍රහාර මාලාවක් ලොව කලඹයි..සටන් විරාමය මැද්දේ ට්‍රම්ප් හමුදාවට යැවූ රහස් පණිවිඩය හෙළිවෙයි
06:28
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
08:43:46