ශූරයින්ගේ කුසලානයේ අවසන් මහා තරගයට ඉන්දියාව සුදුසුකම් ලබා ගනියි

2025 ශූරයින්ගේ කුසලානයේ අවසන් මහා තරගයේ පළමු අසුන තමන් නමින් වෙන් කරගැනීමට ඉන්දීය කණ්ඩායම මීට ටික වේලාවකට (04) පෙර සමත් වුණා.

ඒ ඩුබායි හි දී පැවති අවසන් පූර්ව වටයේ තරගයේ දී ප්‍රබල ඔස්ට්‍රෙලියානු කණ්ඩායම කඩුලු 04කින් පරාජයට පත් කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ නායක ස්ටීවන් ස්මිත් පළමු ව පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 264ක් පමණයි.

ඔස්ට්‍රෙලියානු කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා ලෙස ස්ටීවන් ස්මිත් ලකුණු 73ක් ලබාගත්තා.

ඇලෙක්ස් කේරි ලකුණු 61යි.

ට්‍රවිස් හෙඩ් ලකුණු 39ක් ලබා ගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී මොහොමඩ් ශාමි කඩුලු 03ක් ද, වරුන් චක්‍රවර්තී සහ ජඩේජා කඩුලු දෙක බැගින් ද බිඳ දැමුවා.

එක් කඩුල්ල බැගින් අක්සාර් පටෙල්ට හා පාණ්ඩ්‍යා වෙත හිමිවුණා.

ජයග්‍රහණයට ලකුණු 265ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 48 ආරම්භයේ දී සිය ජයග්‍රහණය වාර්තා කළා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ විරාට් කෝලි ජාත්‍යන්තර සිය 74 වැනි එක්දින අර්ධ ශතකය ලබාගත් අතර 52 වැනි එක්දින ශතකය පෙනෙන මානයේ දී ලකුණු 84කට දවා ගන්නට ඇඩම් සම්පා සමත් වුණා.

ශ්‍රෙයාර්ස් අයියර් ලකුණු 45 යි.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් කේ. එල් රාහුල් නොදැවී ලකුණු 42ක් ලබාගත්තා.

ඊට අනගි සහායක් දුන් හර්ඩික් පාණ්ඩ්‍යා ලකුණු 28ක් ලබා ගැනීමට සමත් වුණා.

කඩුලු බිඳ දැමීමේ දී සම්පා කඩුලු 02ක් සහ එලිස් කඩුලු 02ක් දවා ගත්තා.

බෙන් සහ කූපර් එක් කඩුල්ල බැගින් බිඳ දැමුවා.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම මාර්තු මස 09 වැනි දින ඩුබායි හි දී පැවැත්වීමට නියමිත චැම්පියන්ස් කුසලානයේ අවසන් මහා තරගයට සිය ස්ථානය කල් වේලා ඇතිව ම වෙන් කරගත්තා.

තරගයේ වීරයා සම්මානය විරාට් කෝලි විසින් දිනාගනු ලැබුවා.

හෙට අවසන් මහා තරගයට පිවිසෙන අවසන් කණ්ඩායම තීරණය කෙරෙන නවසීලන්ත – දකුණු අප්‍රිකා තරගය පැවැත්වෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවතැන් වූවන් ආහාර සහ පහසුකම් ඉල්ලා උද්ඝෝෂණයක
03:08
Video thumbnail
කාලගුණ තොරතුරු ඉල්ලා සමගියේ සෙට් එකක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට..
08:03
Video thumbnail
මම තරහා නෑ - සජිත් හිනා වෙවී මාධ්‍යවේදීන්ට කිව්ව දේ
01:25
Video thumbnail
ජීවිත හානි අවම කරගන්න තිබුණු අවස්තාව ආණ්ඩුව නැතිකරලා දැම්මා
10:18
Video thumbnail
රන්වලට පුම්බන්න බැලුන් නෑලු - බැලුන් හිඟයි ලු
10:44
Video thumbnail
හරිණිගේ දියාරු අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් ගුරුවරුත් මඥ්ඥන් වෙලා..අගක් මුලක් නෑ..තනිකර පිස්සුවක්
18:22
Video thumbnail
උපාධිධාරීන්ට සාධාරණයක් ඉල්ලා සජිත් පාරට බහී
05:15
Video thumbnail
මහ රෑ මතුගම රත්කළ ඝා#තනය
01:13
Video thumbnail
මාතලේට ගිය නාමල්ට ජනතාවගෙන් දැඩි විරෝධයක්..
01:14
Video thumbnail
තලතා ලෙසටම ෆයර්වෙයි - විපක්ෂයට විකෘති මනසක් නෑ..රෑට රෑට පැලවත්තේ එකතුවෙලා.. කියුබාවට පනින්න යන්නේ?
12:05


?