ශූරයින්ගේ කුසලානයේ අවසන් පූර්ව වටයේ තරග හෙටින් ඇරඹෙයි

2025 වසරේ ශූරයින්ගේ කුසලානයේ අවසන් පූර්ව වටයේ තරග හෙටින් (04) ආරම්භ වනවා.

මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයට A කාණ්ඩයෙන් තේරී පත් ව සිටින්නේ ප්‍රබල ඔස්ට්‍රෙලියාවට එරෙහිව ඉන්දීය කණ්ඩායම යි.

දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය B කාණ්ඩයෙන් අවසන් පූර්ව වටය සුදුසුකම් ලබාගෙන සිටිනවා.

හෙට දින පස්වරු 2.30ට ඩුබායි හි දී පළමු අවසන් පූර්ව වටයේ තරගයට පිවිසෙන්නේ ඔස්ට්‍රෙලියාව සහ ඉන්දියාව යි.

දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය අතර දෙවැනි අවසන් පූර්ව වටයේ තරගය අනිද්දා (05) දින පස්වරුවේ පැවැත්වෙනවා.

මෙම දෙපිළෙන් ම ජය ගන්නා කණ්ඩායම් ද්විත්වය මෙවර චැම්පියන්ස් කුසලානයේ අවසන් මහ තරගයට මාර්තු 09 වැනි දින තරග වදිනු ඇති.

චැම්පියන්ස් කුසලාන තරගාවලිය වර්ෂ 1998 දී පළමු වරට ආරම්භ වූ අතර එම තරගාවලියේ කුළුදුල් ශූරතාව දකුණු අප්‍රිකාව විසින් දිනාගනු ලැබුවා.

දෙවසරකට වරක් පවත්වන මෙම තරගාවලියේ දකුණු අප්‍රිකාවට අමතරව නවසීලන්තය එක් ශූරයින්ගේ කුසලානයක් ද, ඔස්ට්‍රෙලියාව අවස්ථා දෙකක දී මෙන් ම ඉන්දියාව ද අවස්ථා 02ක දී චැම්පියන්ස් කුසලානයේ පහස විඳ දරාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19


?