ශීත සෘතුවට ස්විස් වැසියන් මෙරටට (ඡායාරූප)

ශීත ඍතුව එළඹීමත් සමග ම ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට නව ගුවන් සේවාවක , පළමු මංගල ගුවන් යානය (Inogaral Flight) අද (01) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

දසත ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ; මෙම ප්‍රථම මංගල ගුවන් ගමන සඳහා ඊඩ්ල්වයිස් ගුවන් සේවය විසින් එයාර් බස් ඒ. 330 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ බවයි.

ජල ආචාර (Water Salute) පවත්වා පිළිගැනීමට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් මෙම අවස්ථාවේ පියවර ගෙන තිබුණා.

අද උදෑසන 09.20ට ඊඩ්ල්වයිස් ( edelweiss ) ගුවන් සේවයේ ඩබ්ලිව්.කේ.- 68 මෙම ගුවන් යානය තුළ ව්‍යාපාරික පන්තියේ ගුවන් මගීන් 17 දෙනෙකු සහ පිරිමැසුම්දායක පන්තියේ ගුවන් මගීන් 221 දෙනෙකු සමග ගුවන් යානා කාර්යය මණ්ඩලය ලෙස තවත් 13ක් වශයෙන් 251 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

සුරීච් නුවර සිට ඍජු ගුවන් ගමනක යෙදෙමින් සතියේ සෑම සිකුරාදා දිනකම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන මෙම යානය එදිනම උදෑසන 10.05 ට මාලදිවයින මාලේ නුවර ඔස්සේ ආපසු සූරීන් නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිතයි.

මෙම ගුවන් සේවා යානා එළඹෙන 2025 වසරේ ජනවාරි මස සිට සතියකට දින දෙකක් වශයෙන්, සිකුරාදා සහ ඉරිදා දිනවල සුරීච් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත බවත් වාර්තා වනවා.

මෙම ශීත ඍතු ගුවන් සේවයේ ගුවන් යානා එළඹෙන 2025 වසරේ මැයි මාසය තෙක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

20241101 093259 scaled
20241101 092609 2 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මා, තාත්තා, නංගි හැමෝම නැතිවුණා - ජනපති සංවේදී වෙයි
01:10
Video thumbnail
වැටුපෙන් කොටසක් ආපදා සහනවලට බැර කරලම අධ්‍යාපන අමාත්‍යාංශයේ නව වැඩ අරඹයි
01:40
Video thumbnail
තම ආදරණීයයන් අහිමි වූ අසරණයින් දැක ජනපති සංවේදී වෙයි
08:18
Video thumbnail
ලංවිමේ මළගම පෙබරවාරි පළවෙනිදා සිද්ධවෙනවා
11:07
Video thumbnail
විදුලි පාරිභෝගිකයන්ට නව වසරේ අසුභ ආරංචියක්..විදුලි බිල 11%කින් වැඩි කරනවා..?
10:24
Video thumbnail
අපි විපක්ෂයට දූපතක් හොයලා දෙන්නම් - ඒකට ගිහින් ඉන්න
04:24
Video thumbnail
ඊයේ නොආපු අයට විනය ක්‍රියාමාර්ග අරන් තියෙන්නේ..මොන්ටිසෝරි මන්ත්‍රීලා ගැන කියන කොළඹ පුරපතිනි..
03:35
Video thumbnail
එදා හොරකම ගැන ටියුෂන් දීපු කට්ටිය අද බදු ගැන ටියුෂන් දෙනවා
10:55
Video thumbnail
හරිනි ඇතුළු පිරිස නෙරපා හරින්න
04:44
Video thumbnail
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කඩ 151ක් දෙවියන්ට පිදූ අයුරු"ජනතාවට හිතේ සැනසීමෙන් තුන් වේල කන්න ලැබේවා"
03:48


?