ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව අවසන් – ප්‍රතිඵල දින 45ක් ඇතුලත (වීඩියෝ)

අද දිනයේ 5 ශ්‍රේ’ණිය ශිෂ්‍යත්ව විභාගය සාර්තකව පැවති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.

මධ්‍යස්ථාන 2888කදී විභාගය පැවති අතර කිසිදු ගැටලු සහගත සිදුවීමක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියාසිටියේ.

පවතින අයහපත් කාලගුණික තතත්වය හමුවේ දකුණු පළාතේ ආපදා කලමනාකරණ කණ්ඩායම් සමග එක්ව ළමුන් ප්‍රවාහනය කිරීම ද ඇතුලු කටයුතු සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබුණා.

මාලිම්බඩ සුමේධ විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයට පැමිණීමේ අපහසුතා හේතුවෙන් ඒ වෙනුවෙන් ළමුන් ප්‍රවාහනය සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කර තිබු බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.

මේවන විට සෑම පළාතකින්ම විභාගය සම්බන්ධයෙන් වාර්තා ලැබෙමින් පවතින අතර කිසියම් සිදුවීමක් වාර්තා වන්නේ නම් ඒ සම්බන්ධයෙන් සොයා බලන බවයි ඔහු අවධාරණය කළේ.

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සඳහා දින 40ත් 45ත් අතර කාලයක් ගතවන අතර දින 45ක් ඇතුලත කඩිනමින් ප්‍රතිඵල ලබාදීමට බලාපොරොත්තු වන බව ද අමිත් ජයසුන්දර මහතා කියාසිටියා.

විභාගය සාර්ථකව පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු කලමනාකරණය කළ සියලු පාර්ශවයන්ට ස්තූතිවන්ත වන බව ද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
6
+1
2
+1
3
+1
4
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40