spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව අවසන් – ප්‍රතිඵල දින 45ක් ඇතුලත (වීඩියෝ)

අද දිනයේ 5 ශ්‍රේ’ණිය ශිෂ්‍යත්ව විභාගය සාර්තකව පැවති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.

මධ්‍යස්ථාන 2888කදී විභාගය පැවති අතර කිසිදු ගැටලු සහගත සිදුවීමක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියාසිටියේ.

පවතින අයහපත් කාලගුණික තතත්වය හමුවේ දකුණු පළාතේ ආපදා කලමනාකරණ කණ්ඩායම් සමග එක්ව ළමුන් ප්‍රවාහනය කිරීම ද ඇතුලු කටයුතු සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබුණා.

මාලිම්බඩ සුමේධ විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයට පැමිණීමේ අපහසුතා හේතුවෙන් ඒ වෙනුවෙන් ළමුන් ප්‍රවාහනය සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කර තිබු බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.

මේවන විට සෑම පළාතකින්ම විභාගය සම්බන්ධයෙන් වාර්තා ලැබෙමින් පවතින අතර කිසියම් සිදුවීමක් වාර්තා වන්නේ නම් ඒ සම්බන්ධයෙන් සොයා බලන බවයි ඔහු අවධාරණය කළේ.

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සඳහා දින 40ත් 45ත් අතර කාලයක් ගතවන අතර දින 45ක් ඇතුලත කඩිනමින් ප්‍රතිඵල ලබාදීමට බලාපොරොත්තු වන බව ද අමිත් ජයසුන්දර මහතා කියාසිටියා.

විභාගය සාර්ථකව පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු කලමනාකරණය කළ සියලු පාර්ශවයන්ට ස්තූතිවන්ත වන බව ද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
6
+1
2
+1
3
+1
4
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?