AFC Banner
Empty Ad
Empty Ad

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් බෙදා හැරි පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරයට

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයට අදාළ ප්‍රශ්න කිහිපයක් වට්ස්ඇප් සමූහයක් ඔස්සේ දරුවන් අතර බෙදා හැර ඇති බවට සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් උපකාරක පන්ති ගුරුවරයා ඔක්තෝම්බර් මස 07 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජයබණ්ඩාර අද (25) දින නියෝග කළා.

මෙලෙස බන්ධනාගාර ගත කරන ලද්දේ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 49 හැවිරිදි උපකාරක පන්ති ගුරුවරයෙක්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙයට පෙර බන්ධනාගාර ගත කරන ලද ජාතික අධ්‍යාපන ආයතනය සැලසුම් අධ්‍යක්ෂකවරයා විසින් සැකකරුට ලබා දුන් ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් සැකකරුගේ වට්ස්ඇප් සමූහයක් ඔස්සේ දරුවන් වෙත බෙදා හැර ඇති බවත් මෙම සිද්ධිය අනාවරණය වීමෙන් පසු අදාළ වට්ස්ඇප් සමූහය සැකකරු විසින් මකා දමා ඇති බවත් අනාවරණය වී ඇති බැවින් මේ පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ කටයුතු සිදු කළ යුතු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරින් මෙහිදී කරුණු ඉදිරිපත් කරන කර තිබුණා.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් සැකකරුට ඇප ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියද මහේස්ත්‍රාත්වරිය විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන කර තිබෙනවා.

අදාළ පරීක්ෂණ සම්බන්ධයෙන් වූ වැඩිදුර වාර්තා ඉදිරි නඩු දිනයේදී අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?