Indian Premier League

ශිෂ්‍යත්වයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත පාසල් අයදුම් කිරීමට අවස්ථාව

2023 වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් මේ වනවිට නිකුත් කර ඇති අතර එම සංශෝධිත ලකුණු මත පාසල් අයදුම් කිරීම සඳහා අවස්ථාව ලබා දී තිබෙනවා.

ඒ අනුව, පාසල්වල විදුහල්පතිවරුන් වෙත අදාළ අයදුම්පත්‍රය දැනටමත් ලබා දී ඇති අතර එම අයදුම්පත්‍රය 05 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ පාසලේ විදුහල්පති වෙතින් ලබාගෙන නිසි පරිදි සම්පූර්ණ කර මේ මස 07 වන දිනට ප්‍රථම විදුහල්පති වෙත නැවත භාර දීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?