හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මීට සුළු වේලාවට පෙර පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණ තිබෙනවා.
සිරිලිය ගිණුමේ මුදල් භාවිත කරමින් නිවසක් මිලදී ගත් බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි ඇයව මෙලෙස එම කොට්ඨාසය වෙත කැඳවා ඇත්තේ.
පසුගිය 27 වන දින ප්‍රකාශයක් ලබාදීම සඳහා ඇයට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබුණද, නීතිඥයෙකු මාර්ගයෙන් ඇය පොලීසියට දැනුම් දී තිබුණේ එදිනට තමාට පැමිණිය නොහැකි බවයි.
ඒ සඳහා සති දෙකක කාලයක් ලබාදෙන ලෙසත් එහිදී ඇය විසින් ඉල්ලා තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
5
+1
2
+1
2
+1
1
+1



