AFC Banner
Empty Ad
Empty Ad

ශාරුක්ට රන් කාසියකින් සම්මානයක් හිමිවෙයි – පළමු ඉන්දීය නළුවාත් ඔහු යි

බොලිවුඩයේ රන් සලකුණක් ලෙස සැලකෙන ශාරුක් ඛාන් හට ප්‍රංශයෙන් රන් සම්මානයක් හිමි ව තිබෙනවා.

ප්‍රංශයේ පැරිස් නුවර ඇති ග්‍රේවින් කෞතුකාගාරයෙනුයි මෙම රන් සම්මානය ශාරුක් හට හිමි ව ඇත්තේ.

‘Grevin Museum coin to Pyramide con Marni’ ලෙසින් හඳුන්වන මෙම සම්මානය ලබාගත් පළමු ඉන්දීය නළුවා ලෙසට ද ශාරුක් ඉතිහාසගත වනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මෙම සම්මානය රනින් නිම කළ කාසියක් බවත්; මෙය ඉන්දීය සිනමාවේ මෙන් ම ඉන්දීය ජනතාව රටක් වශයෙන් දිනූ දැවැන්ත ජයග්‍රහණයක් බවයි.

මෙම සම්මානය ශාරුක් හට ලබා දී ඇත්තේ ඔහු ගෝලීය වහ්සයෙන් දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු සඳහා සිදු කරනු ලබන දායකත්වයන් හේතුවෙන්.

සම්මාන 200කට අධික සංඛ්‍යාවක් දිනා ඇති ශාරුක් ඛාන් හට 2011 දී දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සිදු කරන ලද මෙහෙවර වෙනුවෙන් යුනෙස්කෝවේ පිරමීඩ් කොන් මාර්නි සම්මානය මෙලෙස හිමි වූ අතර එය දිනූ පළමු ඉන්දීය නළුවා බවට ද හෙතෙම පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
4
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?