AFC Banner
AFC Banner
Empty Ad

ශ්‍රී ලංකා කණ්ඩායම vs එංගලන්ත කණ්ඩායමට තරගයේ දෙවන දිනය අදයි (තරගය සජීවි නරඹන්න)

ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 150 ක් ලබාගතහොත් එංගලන්ත කණ්ඩායමට පීඩනයක් ලබාදිය හැකි බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් පවසනවා. දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමාවීමෙන් අනතුරුව වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා.

පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රිඩා කළ ආකාරය දෙස බලන විට, ඊට වැඩි වටිනාකමක් ශ්‍රී ලංකා පිතිකරුවන් දෙවන තරගයේ පළමු ඉනිමේදී ලබාදී ඇති බවයි ග්‍රාන්ට් ෆ්ලවර් සදහන් කළේ.

ඊයේ දිනය නිමා වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සදහා කඩුලු 4 ක් දැවී ලකුණු 229 ක් ලබාසිටියා.  විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරන ඇන්ජලෝ මැතිව්ස් නොදැවි රැස්කර සිටින ලකුණු සංඛ්‍යාව 107 ක්. අනෙක් අන්තයෙන් නොදැවී කඩුල්ලේ රැදී සිටින්නේ ලකුණු 19 ක් ලබා සිටින නිරෝෂන් දික්වැල්ලයි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ දෙවන දිනය අදයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?