ශ්‍රී ලංකා කණ්ඩායම ෙදවන තරගයත් පරදි

ශ්‍රී ලංකා – ඉන්දියා දෙවැනි එක්දින තරඟය ජයගත් ඉන්දියාව තරඟාවලියේ ජය තමන් සතුකරගත්තා.

කෙසේ වෙතත් ආරම්භයේ පටන් ඉන්දීය පිතිකරුවන්ට ප්‍රබල අභියෝගයක් වන්නට කලකට පසු ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුනා.

එහිදී ආරම්භක පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් Suryakumar Yadav නැවත ඉන්දීය කණ්ඩායමේ බලාපොරොත්තු ඉහළ දමමින් ලකුණු 53ක් රැස්කරගත්තේ පන්දු 44කදීයි.

ඔහුගේ ඉනිමට හතරේ පහර 6ක් ඇතුලත්.

අවසානයේ නැවතත් ඔහුගේ දැවී යාමෙන් ශ්‍රී ලංකාවට ලැබුණු බලාපොරොත්තුව උදුරාගත්තේ Deepak Chahar විසින්.

ඔහු නොදැවී ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවූවා.

ඒ පන්දු 82කදී හයේ පහරක් සහ හතරේ පහර 7ක් එල්ලකර ලකුණු 69ක් රැස්කරගනිමින්.

පන්දු යැවීමේදී අගනා මෙහෙයක් ඉටුකළ Wanindu Hasaranga කඩුලු 3ක් දවාගත්තා.

කසුන් රාජිත, ලක්ෂාන් සඳකැන්, දසුන් ශානක එක් කඩුල්ල බැගින් දවාගත්තා.

මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

අද තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙනස්කමක් සිදුකරමින් කසුන් රාජිත කැඳවා තිබුණේ ඉසුරු උදාන වෙනුවටයි.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ අවිශ්ක ප්‍රනාන්දු සහ මිනෝද් භානුක පළමු කඩුල්ලට ලකුණු 77ක සාර්ථක ආරම්භයක් ගෙන දුන්නා.

එම සබඳතාව බිඳවැටුණේ මිනෝද් භානුක ලකුණු 36කට දැවී යාමත් සමඟයි.

අනතුරුව පිටියට පිවිසි භානුක රාජපක්ෂ පළමු පන්දුවෙන්ම දැවී ගියා.

අවිශ්ක ප්‍රනාන්දු අර්ධ ශතකයක් සහ ධනංජය ද සිල්වා ලකුණු 32ක් ලබා සිටියදී දැවී ගියේ අනවශ්‍ය කලබලය හේතුවෙන්.

සිය පළමු එක්දින අර්ධ ශතකය වාර්තා කළ චරිත් අසලංක ලකුණු 65ක් රැස් කළා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 නිමා කළේ කඩුලු 9ක් දැවී ලකුණු 275ක් ලබා ගනිමින්.

සිය වගකීම මෙම තරගයේදීත් ඉටු කළ චාමික කරුණාරත්න පන්දු 33කින් නොදැවී ලකුණු 44ක් රැස් කළේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 275 සීමාවට රැගෙන යමින්.පන්දු යැවීමේදී යුස්වේන්ද්‍රර් චාහල් කඩුලු 3ක් දවාගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අනියුක්ත කරගැනීම නීති විරෝධියි
03:38
Video thumbnail
රැකියා ඉල්ලා උපාධිධාරීන් ඉසුරුපාය වටලයි
03:59
Video thumbnail
තමන් ගැන නලින්ද කියපු කතාවට ගම්මන්පිල රිදෙන්නම දෙයි
04:10
Video thumbnail
ප්‍රජාතන්ත්‍රවාදය රකින්න ඒකාබද්ධ විපක්ෂය රැස්වෙයි
03:42
Video thumbnail
පොලු උස්සගෙන මිනිස්සුන්ට ග#හන්න යන රෝහලේ සිකුරිටි
01:06
Video thumbnail
තරහ රාශියෙන් හෙමිහිට යාළු රාශියට පැමිණෙන අලි -ටෙලිෆොන් මංගල්ලේ මේන් බලල්ලා
39:24
Video thumbnail
වැඩ තහනම් වූ පාර්ලිමේන්තුවේ නි.මහලේකම්ගෙන් පැමිණිල්ලක්
02:45
Video thumbnail
ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
12:19
Video thumbnail
පාසල් සංවර්ධන නිලධාරීන් දැවැන්ත උද්ඝෝෂණයක
04:47
Video thumbnail
ත්‍රිකුණාමල බුදු පිළිම සිද්ධිය නිසා බන්ධනාගාර ඉදිරිපිට උණුසුම් වෙයි
01:56


?