AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් බටහිර ඉන්දීය කොදෙව්වන්ට ජයග්‍රාහිී ඉලක්කයක්

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිම කඩුලු 9කට ලකුණු 348ක් ලබා සිටිය දී අත්හිටුවන්න ට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න තීරණය කලා.

ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 297 ජයග්‍රහි ඉලක්කයක් ලබා දෙමින්.

ඊයේ දිනයේ දී තරගය නවතන විට කඩුලු 8කට ලකුණු 328 ක් ලබාගෙන සිටි ශ්‍රී ලංකා කණ්ඩායම අද උදෑසන එයට තවත් ලකුණු 17ක් එක් කරද්දී ධනංජය ද සිල්වා සමග 9 වැනි කඩුල්ල සඳහා වාර්තාගත සම්බන්ධතාවක් පිහිට වූ ලසිත් ඇඹුල්දෙණියගේ කඩුල්ල බිඳ වැටුණා.

ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ජේසන් හෝල්ඩර්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන්.

ඒ අනුව ලසිත් ඇඹුල්දෙණිය සහ ධනංජය ද සිල්වා අතර නව වැනි කඩුල්ලට ගොඩනැඟුණු ලකුණු 124ක සම්බන්ධතාව ද බිඳ වැටුණා.

නමුත් ඒ වනවිට මේ පිතිකරු යුගළ එක්ව වසර 11ක් පැරණි ශ්‍රී ලංකා කණ්ඩායමේ නව වැනි කඩුල්ලේ සම්බන්ධතාව ඔවුන් දෙදෙනා නමට ලියා  ගෙන තිබුණා.

මේ දෙදෙනා බිඳ දැමුවේ 2010 වසරේදී ඉන්දීය කණ්ඩායමට එරෙහිව තිලාන් සමරවීර සහ අජන්ත මෙන්ඩිස් දෙදෙනා එක්ව කොළඹ පී සරවනමුත්තු
ක්‍රීඩාංගනයේ දී නව වැනි කඩුල්ල සඳහා පිහිටුවා තිබූ ලකුණු 118ක් වූ වාර්තාවයි.

පන්දු යැවීමේදී බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් වීරසාමි පෙරුමාල් ලකුණු 106කට කඩුලු 3ක් දවාගත් අතර රොස්ටන් චේස් ලකුණු 82කට කඩුලු දෙකක් දවා ගත්තා.

සමස්ත තරගයේ දී මෙතෙක් වේග පපන්දු යවන්නෙකු ට හිමි වූ එකම කඩුල්ල ලබා ගැනීමේ ගෞරවය සතු වූයේ බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු යවන ක්‍රීඩක ජේසන් හෝල්ඩර්ටයි.ඔහු ලසිත් ඇඹුල්දෙණියගේ කඩුල්ල දවා ගැනීමට සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?