ශ්‍රී ලංකා කණ්ඩායමෙන් බටහිර ඉන්දීය කොදෙව්වන්ට ජයග්‍රාහිී ඉලක්කයක්

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිම කඩුලු 9කට ලකුණු 348ක් ලබා සිටිය දී අත්හිටුවන්න ට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න තීරණය කලා.

ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 297 ජයග්‍රහි ඉලක්කයක් ලබා දෙමින්.

ඊයේ දිනයේ දී තරගය නවතන විට කඩුලු 8කට ලකුණු 328 ක් ලබාගෙන සිටි ශ්‍රී ලංකා කණ්ඩායම අද උදෑසන එයට තවත් ලකුණු 17ක් එක් කරද්දී ධනංජය ද සිල්වා සමග 9 වැනි කඩුල්ල සඳහා වාර්තාගත සම්බන්ධතාවක් පිහිට වූ ලසිත් ඇඹුල්දෙණියගේ කඩුල්ල බිඳ වැටුණා.

ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ජේසන් හෝල්ඩර්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන්.

ඒ අනුව ලසිත් ඇඹුල්දෙණිය සහ ධනංජය ද සිල්වා අතර නව වැනි කඩුල්ලට ගොඩනැඟුණු ලකුණු 124ක සම්බන්ධතාව ද බිඳ වැටුණා.

නමුත් ඒ වනවිට මේ පිතිකරු යුගළ එක්ව වසර 11ක් පැරණි ශ්‍රී ලංකා කණ්ඩායමේ නව වැනි කඩුල්ලේ සම්බන්ධතාව ඔවුන් දෙදෙනා නමට ලියා  ගෙන තිබුණා.

මේ දෙදෙනා බිඳ දැමුවේ 2010 වසරේදී ඉන්දීය කණ්ඩායමට එරෙහිව තිලාන් සමරවීර සහ අජන්ත මෙන්ඩිස් දෙදෙනා එක්ව කොළඹ පී සරවනමුත්තු
ක්‍රීඩාංගනයේ දී නව වැනි කඩුල්ල සඳහා පිහිටුවා තිබූ ලකුණු 118ක් වූ වාර්තාවයි.

පන්දු යැවීමේදී බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් වීරසාමි පෙරුමාල් ලකුණු 106කට කඩුලු 3ක් දවාගත් අතර රොස්ටන් චේස් ලකුණු 82කට කඩුලු දෙකක් දවා ගත්තා.

සමස්ත තරගයේ දී මෙතෙක් වේග පපන්දු යවන්නෙකු ට හිමි වූ එකම කඩුල්ල ලබා ගැනීමේ ගෞරවය සතු වූයේ බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු යවන ක්‍රීඩක ජේසන් හෝල්ඩර්ටයි.ඔහු ලසිත් ඇඹුල්දෙණියගේ කඩුල්ල දවා ගැනීමට සමත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් වෙනුවෙන් පෙරට ආ මිනිස්සු - "අපේ සිංහ පැටියා ඇතුළට දැම්මේ - එසේ මෙසේ පුතෙක් නෙවෙයි"
01:56
Video thumbnail
"අපේ සිංහ පැටියා තමයි නාමල් රාජපක්ෂ.. එඩිතර සිංහ පැටියව බය කරන්න බෑ"
00:20
Video thumbnail
"මමනම් හිතන්නේ අනුර, නාමල්ට බය වුණා"
00:20
Video thumbnail
විලංගු වැටුණු නාමල් රාජපක්ෂ වැලිකඩට පැමිණි අයුරු - මෙන්න එම දර්ශන
00:51
Video thumbnail
CPC එක මේ වසරේ බිලියන 27ක ලාභයක් උපයලා තියෙනවා - ඉන්ධන මිල ඉදිරියේදි අඩුවෙයිද ?
01:55
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් නිධිය ගැන CPC එකෙන් ප්‍රබල හෙළිදරව්වක් - බහුල වශයෙන්ම ස්වාභාවික වායු
01:42
Video thumbnail
අද මධ්‍යම රාත්‍රියේ සිට දැවි තෙල් සහ නැප්තාවල මිල පහළට - QR කේතය ඉවත් කරනවද ?
01:26
Video thumbnail
නාමල් බන්ධනාගාරයට ගෙනියද්දි දැඩි උණුසුම් තත්ත්වයක්
00:56
Video thumbnail
අනුර Scienceත් ෆේල්, Mathsත් ෆේල් - මේ ආණ්ඩුව English ෆේල් නෙවෙයි Absent
02:59
Video thumbnail
නාමල් රාජපක්ෂ බන්ධනාගාරයට ගෙනියද්දි දැඩි උණුසුම් තත්ත්වයක් - අනාගත ජනපතිට ජයවේවා..!
03:06