ශ්‍රී ලංකා කණ්ඩායමට අන්ත පරාජයක්

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති අවසන් විස්සයි විස්ස තරඟයේ ජයත් තමන් සතු කරගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුනා.

ඒ අනුව විස්සයි විස්ස තරඟාවලිය 3ට 0 ලෙස අමිහිරි පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකාවට සිදුවූවා.

පන්දුවාර 20 ලෝක කුසලානයට තවත් මාසයකට ආසන්න කාලයක් ඉතිරිව තිබියදී මෙම තරගයේදීත් අතිශය දුර්වල පිතිකරණ විලාශය ශ්‍රී ලංකා පිතිකරුවන් පිළිබිඹු කළේ සිය වගකීම් කොටස ද අමතක කරමින්.

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායකයා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

අද තරගයට වෙනස්කම් තුනක් සිදුකරමින් ශ්‍රී ලංකා කණ්ඩායම එක් වුණේ අවිශ්ක, කමිඳු සහ ලහිරු මධුසංක කණ්ඩායමට කැඳවමින්.

මෙම තරගාවලිය පුරාම ශ්‍රී ලංකා පිතිකරුවන්ට සිය රිද්මය අමතක වෙද්දී අදත් පන්දුවාර 20 නිමා කරන්නට සිදුවුණේ කඩුළු 8ක් දැවී යන්තම් ලකුණු 120ක් රැස් කරමින්.

මෙම තරගයේදී පාදයේ ආබාධයකට මුහුණ දුන් කුසල් ජනිත් පෙරේරා ලකුණු 39ක් රැස් කළා.

චාමික කරුණාරත්න නොදැවී ලකුණු 24යි.

කගීසෝ රබාඩා සහ බිජොන් ෆෝචූන් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

ජයග්‍රාහී ලකුණු 121ක ඉලක්කය පන්දුවාර 14යි පන්දු 4කදී කිසිවෙකු නොදැවී සපුරාගත් දකුණු අප්‍රිකානුවන් තරගය සටනකින් තොරවම ජයගත්තා.

දකුණු අප්‍රිකාවට ජය ගෙනා ක්වින්ටන් ඩිකොක් නොදැවී ලකුණු 59ක් සහ රීසා හෙන්රික්ස් නොදැවී ලකුණු 56ක් ලබාගත්තා.

මේ අනුව දකුණු අප්‍රිකානුවන් ලෝක කුසලානයට හොඳ හැටි පෙර පුහුණුවක් ලබාගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමට තරග 3ට 0ක් ලෙසින් පූර්ණ තරගාවලි පරාජයක් උරුම කර දෙමින්.

2019 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම ජගත් පන්දුවාර 20 තරග 29කට මුහුණ දී තිබෙන අතර ඉන් තරග 7ක් පමණක් ජය ගනිද්දී තරග 20කම පරාජය වැළඳ ගත්තා.

මෙලෙසින් ක්‍රීඩකයින් පසු බසිද්දී,ලෝක කුසලානය පෙනෙන මානයේ සිටියදී පවා දම් ඉත්තන් මෙන් ක්‍රීඩකයින් මාරු කරමින්,අතීසාරයට අමුඩේ නොගසා නිවැරදි විසදුමක් දෙන්නට දැන්වත් ක්‍රිකට් කරවන ඇත්තන්ගේ නුවණ පහළවන්නේ නම් ක්‍රිකට් තරග නරඹා අවසානයේ සෝ සුසුම් හෙලන්නට මෙරට සුවහසක් වූ ක්‍රීඩා ලෝලීන්ට සිදු නොවනු ඇති.

නිම වූ ක්‍රිකට් ගැටුමේ කෙරුවාව පහතින්.

image 11
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාටල් නිසා ජනපතිට යකා නගියි..කාටලය නොකැඩුවානම් අද ගෑසුත් නෑ
04:08
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් හාමුදුරුවරු එකතුවෙනවා
09:09
Video thumbnail
මනුස්සකමට හොඳම උදාහරණය දුන් මිරිස්වත්තේ පුවත.."ඔක්කොම සල්ලි හරිනේ..ඔන්න මං ගෙනත්ම දුන්නා"
06:55
Video thumbnail
මහින්ද රාජපක්ෂට අපහාස කරලා ආණ්ඩුව වැරදි තැනට අත තිබ්බේ
07:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාව නිසා සජිත්ට රතු කට්ට පනී
06:25
Video thumbnail
14 දෙනෙක් එළොව යැවූ පස්සර බිහිසුණු බස් අනතුර..එදත් එතන ගල් අදත් ගල්, අනතුරක් වෙනකල්ද බලන් ඉන්නේ ?
07:28
Video thumbnail
මේ ආණ්ඩුව ජනතාවගෙන් සමාව ගන්න ඕනේ
07:04
Video thumbnail
ෂෙඩ් හිමියන්ට වැඩ වරදියි..ජනපතිගෙන් සැර කතාවක්..ලයිසන් කැන්සල් කරලා දාන්න
02:52
Video thumbnail
"මේක මහ විහිළුවක්නේ..මනෝ කිව්වේ නෑ.."ජනපතිගෙන් විපක්ෂයට සැර සත්තමක්
03:20
Video thumbnail
ඉන්ධන මිල වැඩි වෙයිද ? අඩු වෙයිද ? මෙන්න ජනපති කියයි..මිල ගණනය කරන්න ජනපති කිව්ව සරල සූත්‍රය
10:37