AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවේ නිදහස් දිනය අප සමරන්නේ නැහැ… දෙමල ජනතාව එය වර්ජනය කරනවා..

මෙවර 73 වන ජාතික නිදහස් දිනය හා ජාතික නිදහස් දින සැමරුම වර්ජනය කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇති බවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසුවේය.

ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ දේශපාලන කමිටු රුස්වීම (31) වව්නියාවේ පක්ෂ කාර් යාලයේදී රැස්වී එම දේශපාලන මණ්ඩල සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය හමුවක් පවත්වමින් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප‍්‍රකාශක එම්. ඒ සුමන්තිරන් මහතාමේ බව  පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රී වරයා පවසා සිටියේ,

‘ දෙමළ ජනතාවට සිදුවන අඛණ්ඩ මර්දනයන්ට හේතුවෙන් මෙවර ජාතික නිදහස් දිනය වර්ජනය කිරීමට තීරණය කළා ඒ වගේම මෙරට සිදුවු බව කියන මානව හිමිකම් කඩවීම් හා ජීනීවා මානව හිමිකම් කවුන්සලයේ මීළඟ සැසිවාරය සඳහා වන  නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර ඇති ත්‍රිපුද්ගල විශේෂ කමිටුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප‍්‍රතික්ෂේප කළ යුතුයි.

‘උතුරු නැගෙනහිර පළාත් වල ජීවත් වන දෙමළ ජනතාවට එරෙහිව ආණ්ඩුව විසින් සිදු කරනු ලබන මර්දනයන් පිළිබඳව අප සාකච්ඡා කරනු ලැබුවා. පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව , මහවැලි අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව වැනි රජයේ ආයතන විසින් අප ජනතාවගේ ඉඩම් අත්පත් කර ගැනීම් ආරම්භ කර තිබෙනවා. පුරාවිද්‍යා දෙපාර්තුමේනතුව හින්දු ආගමික සිද්ධස්ථාන වෙනස් කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක කරන ආකාරයක්ද වර්තමානයේ දැක ගන්න පුළුවන්.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ මීළඟ සැසිවාරය සඳහා සියලූ දෙමළ දේශපාලන පක්ෂ වල එකඟතාවය එම කවුන්සලයේ සියලූ සාමාජික රටවල තනාපතිවරුන් වෙත යැවීමට හැකිවීම පිළිඳබව සතුටු වෙනවා.

මේ අතර වත්මන් ආණ්ඩුව නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් කමිටුවක් පත් කර තිබෙනවා. එයට අපගේ අදහස් යෝජනා දැනටමත් අප යවා අවසන්. නව ආණඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කරන්නේ නම් එහි ජාතික ගැටලූව සඳහා වන විසඳුමක් අඩංගු විය යුතුමයි. ජාතික ගැටලූවට විසඳුමක් නොමැති නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකින් කිසිඳු ඵලක් අත් නොවන බව අප පෙන්වා දී තිබෙනවා.

එම කමිටුව එළැඹෙන 20 වනදා අප පක්ෂය හමුවීමට සුදානම්ව සිටිනවා. එම අවස්ථාවේදිත් අප අපගේ ස්ථාවරය දැනුම් දීමට කටයුතු කරනු ලබනවා.

ශ්‍රී ලංකාවේ ජාතික නිදහස් දිනය සැමරුම් දෙමළ ජනතාව අඛණ්ඩව වර්ජනය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ නිදහස් දිනය අප සමරන්නේ නැහැ. නමුත් පසුගිය ආණ්ඩුව කාලයේදි ලබා දුන් පොරොන්දු හේතුවෙන් අප ජාතික නිදහස් දින සැමරුමට මමත් සම්බන්දන් මහතාත්  සහභාගි වුණා. එහෙත් එම ආණ්ඩුවත් අපට ලබාදුන් පොරොන්දු ඉටු කිරීම අමතක කළා. එබැවින්  මෙවරත් අපි ජාතික නිදහස් දිනය වර්ජනය කරනු ලබනවා. යනුවෙනි.

මෙම අවස්ථාවට පාරිලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන්, ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා ඇතුලු පිරිසක්ද සහභාගී විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48

?