ශ්‍රී ලංකාවට යළි ප්‍රහාරයක්

රට යළි සාමාන්‍යකරණයට ලක් වීමත් සමග කොරෝනා වෛරසය ආසාදිතයින්ගේ යම්කිසි වර්ධනයක් දක්නට ලැබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සහ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ලේකම් චන්න ද සිල්වා පවසනවා.

එදිනෙදා ජීවිත‍යේ සෞඛ්‍යමය ලිහිල්භාවය ජනතාවට ලැබීමත් සමග බොහෝ දෙනා දීර්ඝ නිවාඩු ගත කිරීමට සහ සංචරණ කටයුතු වැඩි වශයෙන් සිදු කිරීමට යොමු වීම හේතුවෙන් මෙම අර්බුදකාරී තත්ත්වය නිර්මාණය වී ඇති බවයි විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ.

මෙම තත්ත්වය මත රට පුරා ඉතා ශීඝ්‍රයෙන් ඔමික්‍රොන් වෛරස ප්‍රභේදය ව්‍යාප්ත වන අතර, දෛනිකව විශාල වශයෙන් නව ප්‍රභේදය ආසාදනය වූවන් විවිධ ප්‍රදේශවලින් හමුව ඇති බව වෛද්‍යවරයා කියා සිටිනවා.

මෙවන් තත්ත්වයක් ඇතිවීමට මූලිකම හේතුව වන්නේ රට සාමාන්‍යකරණය වීම තුළින් ජනතාව සැහැල්ලුවෙන් යුතුව ගමන් බිමන් අනවශ්‍ය පරිදි සිදු කිරීම බව ද හෙතෙම වැඩිදුරට්ත් පෙන්වා දෙනවා.

මෙවන් පසුබිමක් තවදුරටත් පවත්වාගෙන යන්නේ නම්, අනිවාර්යයෙන්ම ඔමික්‍රොන් වෛරසය ආසාදිතයින්ගේ සංඛ්‍යාව තවත් වැඩිවිය හැකි බවත්, එමගින් එම ප්‍රභේදය රටේ ව්‍යාප්ත වන ප්‍රධානතම වෛරස ප්‍රභේදය බවට පත්විය හැකි බවත් විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර ඔමික්‍රෝන් කොවිඩ් වෛරස ප්‍රභේදය අසාදිතයින්ගේ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම ඉතා අඩු මට්ටමක පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.

සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කරන්නේ තම තමන් ප්‍රවේශම් වීම අනිවාර්ර්ය බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරට කළ්‍යාණ මිත්‍රයව හපන්න ඉබින්න ගොඩක් කල් තිබ්බා..ගල් අඟුරු හපන්න ඕනි නෑ l Dilith Jayaweera
08:43
Video thumbnail
චීවර දාගත්ත නිකන් මිනිස්සු - වැරදි වැඩ මේ
00:57
Video thumbnail
උතුරේ ඉන්න භික්ෂූන්ට බලපෑම් කරනවා - කස්සප හිමි සියල්ල හෙළිකරයි..උතුරෙන් පලවා හැරීමේ ක්‍රියාවක්
11:49
Video thumbnail
හදවත් රෝගය නිට්ටාවට සුව කරන එකම තැන - "හබරකඩ වෙද ගෙදර"
02:37
Video thumbnail
"චීවර දාගත්ත නිකන් මිනිස්සු - වැරදි වැඩ මේ" සලේට අත්සන් ලක්ෂ‍යක් ලබා ගද්දි දැඩි උණුසුම් තත්ත්වයක්
01:58
Video thumbnail
අනුර අද තමන් හදපු ප්‍රබන්ධයේම හිරකාරයෙක් වෙලා..අනුරගෙ මර්දනවලට අපි බය වෙන්නේ නෑ
05:20
Video thumbnail
මහා ප්‍රහාර මාලාවක් ලොව කලඹයි..සටන් විරාමය මැද්දේ ට්‍රම්ප් හමුදාවට යැවූ රහස් පණිවිඩය හෙළිවෙයි
06:28
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
08:43:46
Video thumbnail
ජනපති එක අතකින් පව් - එතුමා වොෂින්ටන් වෙලා..අවුරුද්ද කන එක මිනිසුන්ට හීනයක් වෙලා
09:21
Video thumbnail
පොත ගහන එකේ මහමොළකරු ආණ්ඩුවද ?හෙක්ටර් නැගිටලා ආණ්ඩුවට හොඳම එකෙන් කියලා දෙයි..
04:45