AFC Banner
AFC Banner
Empty Ad

ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයින්ට නැවුම් අත්දැකීමක් සමඟින් “ශ්‍රී ගණදෙවි” ජුනි 05 වනදා සිට සුප්‍රීම් සහ TNL සුප්‍රීම් ඔස්සේ

ඉන්දීය රූපවාහිනී ප්‍රේක්ෂකයින් අතර අතිශය ජනාදරයට පත්, ගණ දෙවියන්ගේ චරිතය ඇසුරෙන් නිර්මාණය කෙරුණු විශිෂ්ට ටෙලි සිතුවමක් වන “ශ්‍රී ගණදෙවි” කතා මාලාව ජුනි 05 වන බදාදා සිට සතියේ දිනවල රාත්‍රී 9.00ට Supreme සහ TNL Supreme නාලිකා ඔස්සේ විකාශය වීමට නියමිතයි.

ලොව පුරා රටවල් 18ක විකාශය වූ ඉන්දියාවේ දීර්ඝතම සහ ජනප්‍රියතම රූපවාහිනී කතා මාලාවක් ලෙස, Sony Entertainment නාලිකාවේ අති සාර්ථකව විකාශය වූ ශිව දෙවියන්ගේ සහ පාර්වතී දේවියගේ වැඩුමල් පුත්‍රයා වූ කතරගම දෙවියන්ගේ බාල සොහොයුරා වන ගණ දෙවියන්ගේ ජීවිතය වටා මෙම කතා මාලාව නිර්මාණය වී තිබෙනවා.

විනෝදාස්වාදය පමණක් නොව සදාචාරාත්මක හා අධ්‍යාත්මික පාඩම් රැසක් ලබා දෙන “ශ්‍රී ගණ දෙවි” භක්තිය, ප්‍රඥාව මෙන්ම කරුණාවෙන් සහ බුද්ධියෙන් අභියෝග ජයගැනීමේ වැදගත්කම තේමා කොටගෙන නිර්මාණය කරන ලද අපූර්ව කතා මාලාවක්. ‌

බුද්ධිය මුල් කරගනිමින් ඕනෑම බාධකයක් මැඩ පවත්වා සියලු අභියෝග ජයගැනීමේ පරමාදර්ශී වැදගත්කම ඉස්මතුවන ලෙසින් “ශ්‍රී ගණදෙවි” උසස් නිර්මාණාත්මක මෙන්ම තාක්ෂණික පසුබිම් සහිතව නිර්මාණය කර තිබීම ද විශේෂත්වයක්.

බාධක කරදර ජයගැනීමට ආත්ම විශ්වාසය ගොඩනගා ගනිමින් සාර්ථක ජීවිතයක් ලබාගැනීම උදෙසා අධ්‍යාපනය ලබන දරුවන් තරුණ තරුණියන් වැඩිහිටියන් ඇතුළු පවුලේ සැමට අතිශයින් වැදගත් ටෙලි නිර්මාණයක් වනු ඇති.

ඒ, අනුව එළඹෙන ජුනි 05 වන බදාදා සිට සතියේ දිනවල රාත්‍රී 9.00ට Supreme සහ TNL Supreme නාලිකා ඔස්සේ “ශ්‍රී ගණදෙවි” කතා මාලාව ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂක ඔබට නැරඹීමේ අවස්ථාව හිමිවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?