ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයින්ට නැවුම් අත්දැකීමක් සමඟින් “ශ්‍රී ගණදෙවි” ජුනි 05 වනදා සිට සුප්‍රීම් සහ TNL සුප්‍රීම් ඔස්සේ

ඉන්දීය රූපවාහිනී ප්‍රේක්ෂකයින් අතර අතිශය ජනාදරයට පත්, ගණ දෙවියන්ගේ චරිතය ඇසුරෙන් නිර්මාණය කෙරුණු විශිෂ්ට ටෙලි සිතුවමක් වන “ශ්‍රී ගණදෙවි” කතා මාලාව ජුනි 05 වන බදාදා සිට සතියේ දිනවල රාත්‍රී 9.00ට Supreme සහ TNL Supreme නාලිකා ඔස්සේ විකාශය වීමට නියමිතයි.

ලොව පුරා රටවල් 18ක විකාශය වූ ඉන්දියාවේ දීර්ඝතම සහ ජනප්‍රියතම රූපවාහිනී කතා මාලාවක් ලෙස, Sony Entertainment නාලිකාවේ අති සාර්ථකව විකාශය වූ ශිව දෙවියන්ගේ සහ පාර්වතී දේවියගේ වැඩුමල් පුත්‍රයා වූ කතරගම දෙවියන්ගේ බාල සොහොයුරා වන ගණ දෙවියන්ගේ ජීවිතය වටා මෙම කතා මාලාව නිර්මාණය වී තිබෙනවා.

විනෝදාස්වාදය පමණක් නොව සදාචාරාත්මක හා අධ්‍යාත්මික පාඩම් රැසක් ලබා දෙන “ශ්‍රී ගණ දෙවි” භක්තිය, ප්‍රඥාව මෙන්ම කරුණාවෙන් සහ බුද්ධියෙන් අභියෝග ජයගැනීමේ වැදගත්කම තේමා කොටගෙන නිර්මාණය කරන ලද අපූර්ව කතා මාලාවක්. ‌

බුද්ධිය මුල් කරගනිමින් ඕනෑම බාධකයක් මැඩ පවත්වා සියලු අභියෝග ජයගැනීමේ පරමාදර්ශී වැදගත්කම ඉස්මතුවන ලෙසින් “ශ්‍රී ගණදෙවි” උසස් නිර්මාණාත්මක මෙන්ම තාක්ෂණික පසුබිම් සහිතව නිර්මාණය කර තිබීම ද විශේෂත්වයක්.

බාධක කරදර ජයගැනීමට ආත්ම විශ්වාසය ගොඩනගා ගනිමින් සාර්ථක ජීවිතයක් ලබාගැනීම උදෙසා අධ්‍යාපනය ලබන දරුවන් තරුණ තරුණියන් වැඩිහිටියන් ඇතුළු පවුලේ සැමට අතිශයින් වැදගත් ටෙලි නිර්මාණයක් වනු ඇති.

ඒ, අනුව එළඹෙන ජුනි 05 වන බදාදා සිට සතියේ දිනවල රාත්‍රී 9.00ට Supreme සහ TNL Supreme නාලිකා ඔස්සේ “ශ්‍රී ගණදෙවි” කතා මාලාව ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂක ඔබට නැරඹීමේ අවස්ථාව හිමිවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46
Video thumbnail
විරුදුවෙන් රටක් නැලවූ දයා නෙල්ලම්පිටිය.. ඔබට සුබ ගමන්
00:54
Video thumbnail
පාතාල අපරාධවලට දරුවන්ව ගොදුරක් වෙන්න දෙන්නේ නෑ
02:01
Video thumbnail
ආදරණීයයන් හඬවමින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා
00:32