ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත ඕස්ට්‍රේලියා ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්‍රී කථානායක හමුවෙයි

ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්‍රී කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු මෙනවිය පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන හමුවී තිබෙනවා.

මෙහිදී කථානායකවරයා කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දුගේ දේශපාලන දිවිය පිළිබඳ සිය සතුට පළ කළ අතර දෙරටේ පාර්ලිමේන්තු ක්‍රමයන් පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු වුණා.

එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීමේ යහ භාවිතයන් දිරිමත් කිරිම පිළිබඳවද දිර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.

කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු මෙනවිය 1987 දී ශ්‍රී ලංකාවේදී උපත ලබා 1999දී යි ඕස්ට්‍රේලියාව වෙත සංක්‍රමණය වී ඇත්තේ. ඇය ඕස්ට්‍රේලියානු කම්කරු පක්ෂය වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ “හෝල්ට් ” ඡන්ද කොට්ඨාශය නියෝජනය කරමින් 2022 වසරේ ෆෙඩරල් මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වී තිබෙනවා. ඇය ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව නියෝජනය කරන පළමු ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දේශපාලන නියොජිතයායි.

කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු මෙනවිය දේශපාලනයට පිවිසීමට පෙර ඕස්ට්‍රේලියානු බහුජාතික මූල්‍ය සමාගමක් වන වූල් වර්ත්ස් සමාගමේ සූපවේදිනියක ලෙස වසර 15ක් පමණ සේවය කර තිබෙනවා.

කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු මෙනවිය වෙනුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විශේෂ චාරිකාවක් ද සංවිධානය කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?