AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම රුසියාවේ මොස්කව් වෙත ගුවන් ගමන් අත්හිටුවයි

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විසින් ශ්‍රී ලංකාව සහ රුසියාවේ මොස්කව් අතර සිදුකරන ගුවන් මෙහෙයුම් අද සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ගුවන් සමාගමේ පාලනයෙන් පිටත පවතින මෙහෙයුම් සිමා කිරීම හේතුවෙන් මෙම තීරණය ගනු ලැබූ බවයි එම සමාගම නිවේදනය කර සිටින්නේ.

දැනට පවතින රුසියානු – යුක්රේන යුද්ධය හේතුවෙන් රුසියාවට ඇතැම් ජාත්‍යන්තර මුල්‍ය සහ ගුවන් යානා රක්ෂණ සීමාවන් පනවා ඇති අතර ශ්‍රී ලනක්න් ගුවන් සේවය රුසියාව වෙත සිදුකරන ගුවන් මෙහෙයුම් සඳහා එම කාරණා සෘජුවම බලපානු ලබයි. ඒ අනුව, ශ්‍රී ලනක්න් ගුවන් සමාගම නැවත දැනුම් දෙන තුරු මොස්කව් වෙත ගුවන් මෙහෙයුම් සිදුනොකරනු ඇත.

නොවැලැක්විය හැකි හේතුන් මත ගුවන් සේවය ගනු ලැබූ මෙම තිරණය හේතුවෙන් පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතාවය පිළිබඳව ගුවන් සමාගම සිය කනගාටුව පළකර සිටින අතර තත්ත්වය යහපත් අතට හැරීමෙන් අනතුරුව සිය නැවත ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි ඔවුන් සඳහන් කර සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?