ශ්‍රී ලංකා හමුදාවට අඛණ්ඩ පුහුණු සහාය ලබා දෙන බවට පාකිස්තානයෙන් සහතිකයක්

ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් පුහුණු කිරීම සඳහා පාකිස්තානයේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවට සහතික වී තිබෙනවා.

ඒ පාකිස්තානයේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ කමිටුවේ සභාපති ජනරාල් සාහිර් ෂම්ෂාඩ් මිර්සා මෙරට ආරක්ෂක ලේකම් හමුවී කළ සාකච්ඡාවේදී යි.

පාකිස්ථාන හමුදා ප්‍රධානියා ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ සංචාරයක නිරත වූ අතර, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සමඟ පැවති හමුවකදී, ශ්‍රී ලංකාව සිය ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා දරන උත්සාහය ද අගය කර තිබෙනවා.

හමුදා ආධාර තවත් ඉහළ නැංවීම සඳහා පාකිස්තාන හමුදාවේ පූර්ණ සහයෝගීතාවය ද සංචාරයට පැමිණි පකිස්ථාන ජෙනරාල්වරයා සහතික වූ බව සඳහන්.

කලාපීය රටවල් දෙක අතර දිගුකාලීන මිත්‍ර සබඳතා සිහිපත් කළ ආරක්ෂක ලේකම්වරයා, හමුදා සහයෝගීතාවය සඳහා ශක්තිමත් හමුදාවක් පවත්වාගෙන යාමේ වැදගත්කම ද ප්‍රකාශ කළ අතර, පසුගිය කාලය තුළ පකිස්තානය ලබාදුන් නොමද සහයෝගයට කෘතඥතාව පළ කළා.

හිටපු ජනාධිපති, ජෙනරාල් පර්වේස් මුෂාරෆ්ගේ අභාවය සම්බන්ධයෙන් එහි පැමිණි දූත පිරිස වෙත සිය ශෝකය ප්‍රකාශ කිරීමට ද ඔහු කටයුතු කර තිබෙනවා.

හමුවෙන් අනතුරුව, එම අවස්ථාව සනිටුහන් කරමින් ආරක්ෂක නිලධාරීන් දෙදෙනා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?