ශ්‍රී ලංකා හමුදාවට අඛණ්ඩ පුහුණු සහාය ලබා දෙන බවට පාකිස්තානයෙන් සහතිකයක්

ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් පුහුණු කිරීම සඳහා පාකිස්තානයේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවට සහතික වී තිබෙනවා.

ඒ පාකිස්තානයේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ කමිටුවේ සභාපති ජනරාල් සාහිර් ෂම්ෂාඩ් මිර්සා මෙරට ආරක්ෂක ලේකම් හමුවී කළ සාකච්ඡාවේදී යි.

පාකිස්ථාන හමුදා ප්‍රධානියා ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ සංචාරයක නිරත වූ අතර, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සමඟ පැවති හමුවකදී, ශ්‍රී ලංකාව සිය ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා දරන උත්සාහය ද අගය කර තිබෙනවා.

හමුදා ආධාර තවත් ඉහළ නැංවීම සඳහා පාකිස්තාන හමුදාවේ පූර්ණ සහයෝගීතාවය ද සංචාරයට පැමිණි පකිස්ථාන ජෙනරාල්වරයා සහතික වූ බව සඳහන්.

කලාපීය රටවල් දෙක අතර දිගුකාලීන මිත්‍ර සබඳතා සිහිපත් කළ ආරක්ෂක ලේකම්වරයා, හමුදා සහයෝගීතාවය සඳහා ශක්තිමත් හමුදාවක් පවත්වාගෙන යාමේ වැදගත්කම ද ප්‍රකාශ කළ අතර, පසුගිය කාලය තුළ පකිස්තානය ලබාදුන් නොමද සහයෝගයට කෘතඥතාව පළ කළා.

හිටපු ජනාධිපති, ජෙනරාල් පර්වේස් මුෂාරෆ්ගේ අභාවය සම්බන්ධයෙන් එහි පැමිණි දූත පිරිස වෙත සිය ශෝකය ප්‍රකාශ කිරීමට ද ඔහු කටයුතු කර තිබෙනවා.

හමුවෙන් අනතුරුව, එම අවස්ථාව සනිටුහන් කරමින් ආරක්ෂක නිලධාරීන් දෙදෙනා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39