සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය අද (06) පැවැත්වෙනවා.
හරාරේ හිදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 5.00ට ආරම්භ වීමට නියමිතයි.
තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ ජයග්‍රහණය කල්තියාම හිමිකර ගැනීමේ අරමුණින් පළමු තරගය ජයගෙන සිටින ශ්‍රී ලංකාව අද තරග බිමට පිවිසෙන අතර, මෙම තරගය ජයගෙන තරගාවලියේ ජයග්‍රහණය ගැන බලාපොරොත්තු තබාගැනීමේ අරමුණින් සිම්බාබ්වේ කණ්ඩායම අද පිටියට පිවිසෙනවා.
අද පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගය සඳහා පළමු තරගය වෙනුවෙන් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ම ක්‍රීඩා කරනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා කණ්ඩායමට අද තරගය ජයගැනීමට හැකිවුවහොත් තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය තහවුරු කරගැනීමට හැකිවනු ඇති අතර, එය සිම්බාබ්වේ දේශයේ දී ශ්‍රී ලංකාව ජයගන්නා පළමු විස්සයි විස්ස තරගාවලි ජයග්‍රහණය වනු ඇති.















