කාන්තා ලෝක කුසලාන (ICC Women’s Cricket World Cup – 2025 ) සදහා සහභාගී වීමට මෙතෙක් ඉන්දියාවේ පැවති තරග සදහා එරට රැදී සිටි ශ්‍රී ලංකා සහ ඉන්දීය ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම් මෙරට දී පැවැත්වෙන ඉදිරි තරග සදහා සහභාගී වීමට , විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
ඔවුන් ඊයේ (01) දින රාත්‍රී 08.35 ට ඉන්දියාවේ ගුවාටි සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8 ඩී . – 522 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
මොවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
15
+1
+1
+1
2
+1
3





