ශ්‍රී ලංකා මාස්ටර්ස්වරු කොදෙව්වන් පරදති

මාස්ටර්ස් ලීග් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ තෙවැනි ජය වාර්තා කිරීමට ඊයේ (06) රාත්‍රියේ දී සමත් වුණා.

ඒ ඉන්දියාවේ වඩෝඩාරා ක්‍රීඩාංගණයේ දී පැවැති තරගයෙන් ප්‍රතිවාදී කොදෙව් මාස්ටර්ස්වරුන් පරාජයට පත් කරමින්.

කාසියේ වාසිය දිනූ කොදෙව්වන්ගේ ආරාධනයෙන් පළමු ව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායට සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 173ක් ලබා ගත්තා.

විශිෂ්ට පිතිකරණයක නිරත වූ අසේල ගුණරත්න ලකුණු 64ක් ලබා ගත්තා.

නායක සංගක්කාර ලකුණු 47 යි.

කඩුලු බිඳ දැමීමේ දී කොදෙව් ක්‍රීඩක නර්ස්ගෙන් කඩුලු 03ක් ද, බෙස්ට්ගෙන් කඩුලු දෙකක් සහ එක් කඩුල්ලක් ජෙරම් ටේලර්ගෙන් ද හිමිවුණා.

පිළිතුරු ඉනිම ලකුණු 174ක ඉලක්කයක් හඹා ගිය කොදෙව්වන්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 152ක් පමණයි.

ඒ අනුව ශ්‍රී ලංකාවට ලකුණු 21ක ජයක් හිමිවුණා.

ඩ්වැන් ස්මිත් ලකුණු 49ක් සහ ලැන්ඩ්ල් සයිමන්ස් ලකුණු 37ක් ලබා ගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී ඉසුරු උදාන කඩුලු දෙකක්, චතුරංග ද සිල්වා සහ ජීවන් මෙන්ඩිස් කඩුල්ලක් බැගින් බිඳ හෙලුවා.

තරගයේ වීරයා සම්මානය අසේල ගුණරත්නට හිමිවුණා.

ඒ අනුව මෙවර මාස්ටර්ස් ලීග් තරගාවලියේ මුහුණ දුන් තරග 04න් තුනක්ම ජයගෙන ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැන පසුවනවා.

ශ්‍රී ලංකාව එළඹෙන 10 වැනිදා එංගලන්ත මාස්ටර්ස් කණ්ඩායමට එරෙහිව තරග බිමට පිවිසෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්, මහින්ද ඇතුළු ප්‍රබලයෝ රැසක් සමන්තභද්‍ර හිමිට සුභ පතන්න එයි
04:09
Video thumbnail
උසස්වීම් ඉල්ලා රේගු නිලධාරීන් කළු පටි බැඳගෙන සේවයට එයි
06:35
Video thumbnail
ගෑස් හිඟය ගැන ඇමති නලින්ද කට අරී
01:39
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.02.24
01:23:26
Video thumbnail
ගල් අඟුරු සිද්ධිය නිසා නලින්ද සැර වෙයි..අතිතයෙත් මෙවැනි සිදුවීම් වෙලා ඇති..පරීක්ෂාවක් කරලා නෑ
15:40
Video thumbnail
බලශක්ති ඇමතිතුමාව අස්කරනවා ද..?
08:31
Video thumbnail
ප්‍රභාගේ ගේ හදන්න සල්ලි දෙනවා, මේ මිනිස්සුන්ට වතුර දෙන්නේ නෑ
05:07
Video thumbnail
මෝටර් ග්‍රේඩර් 75ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි
01:33
Video thumbnail
යකා අවුස්සගන්නේ නැතුව තමුසේ එළියට යනවකෝ
01:57
Video thumbnail
"බැහැපන් හු## එළියට..උඹ මොකක්ද කිව්වේ"ටවුම මැද චණ්ඩිපාට් දැම්ම අයියලා පොලිසිය කුදලන් ගිය හැටි
03:47


?