ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ කුසලානය එළිදකී

ශ්‍රී ලංකාව සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය හෙට (17) ආරම්භ වනවා.

මේ අතර මෙම තරගාවලියේ ජයග්‍රාහකයින්ට පිරිනැමෙන කුසලාන අද එළිදක්වනු ලැබුවා.

එම අවස්ථාවට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා සහ බංග්ලාදේශ ටෙස්ට් නායක නජ්මුල් හුසේන් ෂැන්ටෝගේ එක්ව සිටියා.

දෙරට අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය හෙට ආරම්භ වන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි.

2025-27 ලෝක ටෙස්ට් ශූරතාවලිය ආරම්භ කරමින් පැවැත්වෙන පළමු තරගාවලිය මෙට වීමද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?