AFC Banner
AFC Banner
Empty Ad

ශ්‍රී ලංකා ඳග පන්දු යවන්නන් හමුවේ ඉන්දීය පිතිකරුවන් අසරණ වෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමේ සියලු පිතිකරුවන් මීට නොබෝ වේලාවකට පෙර ලකුණු 252 කට දැවී ගියා.

ෂ්‍රෙයාස් අයියර් ලකුණු 92 ක් රැස්කළ අතර රිෂාබ් පාන්ට් ලකුණු 39 යි. පන්දු යැවීමේදී ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 81 කට කඩුළු 03 ක් සහ ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 94 කට කඩුළු 03 ක් දවා ගත්තා.

ධනංජය ද සිල්වා ලකුණු 32 ට කඩුළු 02 යි. සිය අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන සුරංග ලක්මාල් ලකුණු 12 කට එක් කඩුල්ලක් දවා ගත්තා. දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් වන තරගය පැවැත්වෙන්නේ බෙංගලූරු හිදීයි.

සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 18 කට කඩුලු 03ක් දැවී ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?