ශ්‍රී ලංකා – නවසීලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ලෙස මන්ත්‍රී නිරෝෂන් පෙරේරා පත් කෙරේ

ශ්‍රී ලංකා – නවසීලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා – නවසීලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නවවැනි පාර්ලිමේන්තුවට අදාළ නිලධාරී මඩුල්ල තෝරා පත්කර ගැනීමේ රැස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත් වුණා.

මෙම රැස්වීමට ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා (Michael Appleton) ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, විපක්ෂ නායකවරයා, අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියා.‍

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උපුල් ගලප්පත්ති, වේලු කුමාර් සහ සුදර්ශන දෙනිපිටිය මිත්‍රත්ව සංගමයේ උප සභාපතිවරුන් ලෙස පත් වී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල මහත්මිය ලේකම් ලෙස පත් කරන ලද අතර, සහකාර ලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඉසුරු දොඩන්ගොඩ මහතා සහ භාණ්ඩාගාරික ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා පත් කෙරුණා.

ශ්‍රී ලංකා – නවසීලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය පිහිටුවීම දෙරට ජනතාව සහ පාර්ලිමේන්තු අතර පවතින සුහද සබඳතාව වර්ධනය කිරීමට ඉවහල් වන බවයි මෙහිදී අදහස් දැක්වූ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ. පොදුරාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ පශ්චාත් උපාධි සඳහා නවසීලන්තය ශිෂ්‍යත්ව අවස්ථා ලබාදී ඇති බවත්, ශ්‍රී ලාංකිකයන් රැසක් ඉන් ප්‍රතිලාභ ලබා ඇති බවත් කථානායකවරයා මෙහිදී ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවේ නවසීලන්තයේ ප්‍රථම නේවාසික මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා නව පත්වීම් ලැබූ නිලධාරී මණ්ඩලයට සුබ පැතුම් එක් කළ අතර දෙරටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සුහදත්වය වර්ධනය සදහා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ වැදගත්කම අවධාරණය කරනු ලැබුවා.

රැස්වීමේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා – නවසීලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා, මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස තමන්ව තෝරා පත් කර ගැනීම පිළිබඳව සිය ස්තූතිය පළ කළ අතර, 2004 දී ඇති වූ සුනාමිය ඇතුළු තීරණාත්මක අවස්ථාවන්හීදි නවසීලන්ත රජය ලබා දුන් සහය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළා.

මේ අතර, ජුලි 25 වැනිදා ආරම්භ වීමට නියමිත කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නවසීලන්ත අධ්‍යයන චාරිකාව සඳහා පහසුකම් සැලසීම පිළිබඳව මහ කොමසාරිස්වරයාට සහ එරට රජයට ස්තුතිය පළ කරන බව මෙහිදී අදහස් දක්වමින් කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23