AFC Banner
AFC Banner
Empty Ad

ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයඅවසන් වෙද්දී ටෙස්ට් වාර්තා හතරක්

සංචාරක ශ්‍රී ලංකා කාණ්ඩායම සහ නවසීලන්ත අතර පළමු ටෙස්ට් තරගය අද (09) ක්‍රයිස්චර්ච් හීදී ආරම්භ වුණා.

පළමු දිනට තරගය අවසන්කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06ක් දැවී ලකුණු 305ක් රැස්කරගෙන සිටියා.

ටෙස්ට් ලෝක ශූරතාවට සමගාමීව පැවැත්වෙන මෙම තරගයේ දී ටෙස්ට් වාර්තා කිහිපයක්ම වාර්තාවීම විශේෂත්වයක්.

මෙම තරගයේ දී විදෙස් ක්‍රීඩකයෙක් නවසීලන්තය තුළ ටෙස්ට් තරගයකදී වාර්තා කළ වේගවත්ම අර්ධ ශතකය වාර්තා වුණා.

ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස්ගේ පිත්තෙන් වාර්තා වූ එම අර්ධ ශතකයට ඔහු වැය කළේ පන්දු 40ක් පමණයි.

මේ අතර ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න මෙම තරගයේ දී වාර්තා අතරට එක් වුණේ ආරම්භක පිතිකරුවෙක් ලෙස ශ්‍රී ලංකාව වෙනුවෙන් රැස්කළ වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින්.

දිමුත් මේ වනවිට ආරම්භ පිතිකරුවෙකු ලෙස ජාත්‍යන්තර ටෙස්ට් පිටිය තුළ රැස්කරගෙන සිටින ලණුණු සංඛ්‍යාව 5980ක්.

මෙම තරගයේදී තවත් වාර්තාවක් පිහිටුවන්නට ශ්‍රී ලංකා පිළේ මැදපෙළ නැංගුරම වී සිටින සුපිරි පිතිකරු ඇන්ජලෝ මැතිව්ස්ට හැකියාව ලැබුණා.

ඒ, ජාත්‍යන්තර ටෙස්ට් පිටිය තුළ ලකුණු 7000 සීමාවට ලගා වෙමින්.

ඇන්ජලෝ මැතිව්ස් ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 7000 සීමාවට ලගා වූ තුන්වන පිතිකරුවා බවට පත් වෙමින් වාර්තා අතරට එක් වුණා.

මේ අතර මෙම තරගයේ පළමු දිනය වූ අද දිනයේ දී ශ්‍රී ලංකා පිතිකරු දිනේෂ් චන්දිමාල්ගේ කඩුල්ල දවාගනිමින් නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ටිම් සවුති ද ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ වාර්තාවත් පිහිටුවීමට සමත්වීමද විශේෂත්වයක්.

මෙම කඩුල්ලත් සමග සවුති නවසීලන්තය වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවාගත් පන්දු යවන්නා බවට පත් වුණා.

අයහපත් ආලෝක තත්ත්ව හේතුවෙන් තරග අද දිනට අවසන් කරන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පන්දුවාර 75කට මුහුණ දෙමින් ලකුණු 305ක් රැස්කරගෙන තිබූ අතර, එම පන්දුවාර සංඛ්‍යාව තුළ නවසීලන්ත පන්දු යවන්නන් කඩුලු 06ක් බිද හෙලීමට සමත්ව තිබුනා.

ඒ, අනුව පළමු දිනය අවසන් වන විට කණ්ඩායමේ දෙකම තරගයේ පාලනය සම සමව තමන් සතුකරගෙන සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?