ශ්‍රී ලංකා – ජර්මානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරය ඇමති හර්ෂණට

දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – ජර්මානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර තේරී පත්ව තිබෙනවා.

මෙම සංගමය දසවැනි පාර්ලිමේන්තුව සඳහා ස්ථාපිත කිරීමේ රැස්වීම ජුනි 05 වන දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී කතානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණා.

එම රැස්වීමේ දී, ශ්‍රී ලංකා – ජර්මානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම් ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රීනී නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල තේරී පත් වුණා.

රැස්වීම අමතමින් කතානායකවරයා සඳහන් කළේ, ජර්මනිය දිගු කලක සිට ශ්‍රී ලංකාවේ වටිනා සංවර්ධන හවුල්කරුවෙකු ලෙස, සංහිඳියාව, පෞද්ගලික අංශයේ සංවර්ධනය, සාමය ගොඩනැගීම සහ අධ්‍යාපනය වැනි ක්ෂේත්‍රවල විශාල සහයෝගයක් ලබාදෙන බවයි.

දෙරට අතර පවතින දිගු කාලීන සහයෝගීතාව ඔහුගේ ප්‍රශංසාවට ලක් වුණා.

මෙහිදී අදහස් දක්වමින් අභිනවයෙන් පත්වූ සභාපති අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසා සිටියේ දෙරටෙහි ව්‍යවස්ථාදායකයන් අතර සම්බන්ධතාවය ශක්තිමත් කිරීම සඳහා මෙම සංගමය හරහා වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට හැකිවනු ඇති බවයි.

ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීමට සහ අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කිරීමට එක්ව කටයුතු කරන ලෙස අභිනවයෙන් තේරී පත් වූ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල සියලුම සාමාජික මන්ත්‍රීවරයන්ගෙන් ඉල්ලා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවේ තෙල් ප්‍රශ්නෙටත් විසඳුම්..? සුබ පණිවිඩය මෙරටට රැගෙන ආ රුසියානු නි.ඇමති
01:28
Video thumbnail
අසීරු ඕනෑම අවස්ථාවකදී සැබෑ මිතුරෙකු ලෙස සහාය වීමට සූදානම් බව රුසියානු නි. අමාත්‍ය කියයි
01:33
Video thumbnail
බස් රථ ධාවනය නොකරන ලෙසට බස් රියදුරන්ට සත්තම දැමූ තිදෙනෙක්ට වැඩ වරදියි
01:09
Video thumbnail
ජනපතිගෙයි, වසන්තගෙන් පාසලට ගිහින් සුසිල් රණසිංහ කිව්ව දේ..ජීවිතය අභියෝග මැදින් තමයි සාර්ථක වෙන්නේ
05:52
Video thumbnail
ශානිගේ සියළු චිත්‍රපටි Fail..පොඩි ආතල් එකක් ගන්න ඔයා..අනුර දකින හීනය දවල් හීනයක් විතරයි
04:14
Video thumbnail
රාහුල හිමි ජනපති ඉස්සරහම කිව්ව සැර කතාව..පුටු රත් කරනවට වඩා ගොඩක් වැඩ තියෙනවා
02:10
Video thumbnail
ඒ කාලේ මට JVP කාරයෙක් කිව්වා..මම සැලුනේ නෑ..රාහුල හිමි නලින්දට ප්‍රශංසා කරපු හැටි
04:51
Video thumbnail
ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
02:31
Video thumbnail
ආණ්ඩුව කරන්නේ මිනිස්සුන්ගෙන් ගසා කන එක..රටේ තත්ත්වය ගන්නම දෙයක් නෑ
02:07
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රී ඇතුළු ප්‍රබලයින් රැසක්ම එකට හමුවෙයි
03:40