ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට විශිෂ්ඨ ජයක්

සංචාරක නවසීලන්ත කාන්තා කණ්ඩායම සමග අද පැවති තුන්වන T20 තරගයෙන් කඩුලු 10ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්වුණා.

තරගය පැවැත්වුණේ පී. සරවණමුත්තු ක්‍රීඩාංගණයේදීයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්ත කණ්ඩායමට ලබාදීමටයි.

ඒ අනුව පිටියට පිවිසි නවසීලන්ත කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 140ක් ලබා ගත්තා.

නායිකා Sophie Devine 47යි. Suzie Bates ලකුණු 37 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ඉනෝකා රණවීර කඩුලු 3ක් සහ සුගන්දිකා කුමාරි කඩුලු 2 බැගින් බිඳහෙළුවා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුවළ වූ හර්ෂිතා සමරවික්‍රම සහ නායිකා චමරි අතපත්තු පන්දුවාර 14යි පන්දු 3කදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ ඉතා අගනා ඉනිමක් ක්‍රීඩා කරමින්.

චමරි අතපත්තු තම 7 වන 20 අර්ධ ශතකය ද වාර්තා අතරට එක් කර ගනිමින් පන්දු 47කින් වේගවත් ලකුණු 80ක් ලබා ගත්තේ හයේ පහර 2ක් සහ හතරේ පහර 13ක් ද සමගින්.

හර්ෂිතා සමරවික්‍රම ලකුණු 49යි. ඇයගේ ලකුණු අතරට හතරේ පහර 7ක් ද ඇතුලත්.

තරග 3කින් සමන්විත මෙම පන්දුවාර 20 තරගාවලියේ පළමු තරග දෙකෙහිම ජය හිමිවූයේ නවසීලන්ත කාන්තා කණ්ඩායමටයි.

දෙරට අතර පැවති එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සතු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
5
+1
2
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45


?