ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට විශිෂ්ඨ ජයක්

සංචාරක නවසීලන්ත කාන්තා කණ්ඩායම සමග අද පැවති තුන්වන T20 තරගයෙන් කඩුලු 10ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්වුණා.

තරගය පැවැත්වුණේ පී. සරවණමුත්තු ක්‍රීඩාංගණයේදීයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්ත කණ්ඩායමට ලබාදීමටයි.

ඒ අනුව පිටියට පිවිසි නවසීලන්ත කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 140ක් ලබා ගත්තා.

නායිකා Sophie Devine 47යි. Suzie Bates ලකුණු 37 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ඉනෝකා රණවීර කඩුලු 3ක් සහ සුගන්දිකා කුමාරි කඩුලු 2 බැගින් බිඳහෙළුවා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුවළ වූ හර්ෂිතා සමරවික්‍රම සහ නායිකා චමරි අතපත්තු පන්දුවාර 14යි පන්දු 3කදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ ඉතා අගනා ඉනිමක් ක්‍රීඩා කරමින්.

චමරි අතපත්තු තම 7 වන 20 අර්ධ ශතකය ද වාර්තා අතරට එක් කර ගනිමින් පන්දු 47කින් වේගවත් ලකුණු 80ක් ලබා ගත්තේ හයේ පහර 2ක් සහ හතරේ පහර 13ක් ද සමගින්.

හර්ෂිතා සමරවික්‍රම ලකුණු 49යි. ඇයගේ ලකුණු අතරට හතරේ පහර 7ක් ද ඇතුලත්.

තරග 3කින් සමන්විත මෙම පන්දුවාර 20 තරගාවලියේ පළමු තරග දෙකෙහිම ජය හිමිවූයේ නවසීලන්ත කාන්තා කණ්ඩායමටයි.

දෙරට අතර පැවති එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සතු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
5
+1
2
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවේ තෙල් ප්‍රශ්නෙටත් විසඳුම්..? සුබ පණිවිඩය මෙරටට රැගෙන ආ රුසියානු නි.ඇමති
01:28
Video thumbnail
අසීරු ඕනෑම අවස්ථාවකදී සැබෑ මිතුරෙකු ලෙස සහාය වීමට සූදානම් බව රුසියානු නි. අමාත්‍ය කියයි
01:33
Video thumbnail
බස් රථ ධාවනය නොකරන ලෙසට බස් රියදුරන්ට සත්තම දැමූ තිදෙනෙක්ට වැඩ වරදියි
01:09
Video thumbnail
ජනපතිගෙයි, වසන්තගෙන් පාසලට ගිහින් සුසිල් රණසිංහ කිව්ව දේ..ජීවිතය අභියෝග මැදින් තමයි සාර්ථක වෙන්නේ
05:52
Video thumbnail
ශානිගේ සියළු චිත්‍රපටි Fail..පොඩි ආතල් එකක් ගන්න ඔයා..අනුර දකින හීනය දවල් හීනයක් විතරයි
04:14
Video thumbnail
රාහුල හිමි ජනපති ඉස්සරහම කිව්ව සැර කතාව..පුටු රත් කරනවට වඩා ගොඩක් වැඩ තියෙනවා
02:10
Video thumbnail
ඒ කාලේ මට JVP කාරයෙක් කිව්වා..මම සැලුනේ නෑ..රාහුල හිමි නලින්දට ප්‍රශංසා කරපු හැටි
04:51
Video thumbnail
ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
02:31
Video thumbnail
ආණ්ඩුව කරන්නේ මිනිස්සුන්ගෙන් ගසා කන එක..රටේ තත්ත්වය ගන්නම දෙයක් නෑ
02:07
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රී ඇතුළු ප්‍රබලයින් රැසක්ම එකට හමුවෙයි
03:40