මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිපදෙනෙකුට එළඹෙන අබුඩාඩි T-10 තරගාවලිය අහිමි ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම අහිමි වීමට මෙතෙක් නිශ්චිත හේතුවක් දක්වා නොමැති බවයි.
නමුත් මේ වනවිටත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ශ්‍රී ලංකාවට වාරණයක් පනවා ඇති හෙයින්, බොහෝ දුරට එම පසුබිම මීට හේතුවක් විය හැකි බවටත් එම වාර්තා පෙන්වාදෙනවා.
මෙලෙස කවර හෝ හේතුවක් නිසා T-10 තරගාවලිය අහිමි ව ඇති ක්‍රීඩකයින් වන්නේ වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුශංක, ළහිරු කුමාර හා මතීෂ පතිරණ යි.













