ශ්‍රී ලංකා – ඉන්දීයා නාවික අභ්‍යාසය සාර්ථකව අවසන්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසය – 2023 (SLINEX -23) බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී ඊයේ (08) සාර්ථකව නිමාවට පත් වුණා.

දෙරටේ නාවික හමුදාවන් අතර සහයෝගීත්වය හා අන්තර් ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීමේ අරමුණින් වාර්ෂිකව පවත්වනු ලබන ශ්‍රී ලංකා – ඉන්දීයා නාවික අභ්‍යාසය පසුගිය 3 වන දිනයි ආරම්භ වූයේ.

මෙවර ශ්‍රී ලංකා පාර්ශවය නියෝජනය කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් සමුදුර සහ විජයබාහු යන ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් ඩෝනියර් වර්ගයේ සමුද්‍රීය ආවේක්‍ෂණ ගුවන් යානාවක් හා බෙල් 412 හෙලිකොප්ටර් යානාවක් සහභාගී වුණා.

මෙම අභ්‍යාසය සඳහා ඉන්දීය පාර්ශ්වය නියෝජනය කරමින් ඉන්දීය නාවික හමුදාවට අයත් INS Kiltan හා INS Savitri යන යුද නෞකාවන් සමඟ ඩෝනියර් වර්ගයේ සමුද්‍රීය ආවේක්‍ෂණ ගුවන් යානාවක් සහ කීටැක් වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් එක්ව සිටියා.

මෙම අභ්‍යාසය වරාය සහ මුහුදු අධියර වශයෙන් අධියරය දෙකක් යටතේ පැවැත්වූ අතර, එහි වරාය අධියර 03 වන දින සිට 05 වන දින දක්වා කොළඹ වරාය පරිශ්‍රයේදීත්, මුහුදු අධියර 06 වන දින සිට 08 වන දින දක්වා බටහිර නාවික විධාන මුහුදු තීරයේදී පැවැත් වුණා.

මෙහි මුහුදු අධියරේදී වෙඩි තැබීමේ අභ්‍යාස (GUNEX), සෙවීම් හා මුදවා ගැනීම් අභ්‍යාස (SAREX), නෞකා ‍සංග්‍රාමික පෙළ හැඩයන් ඔස්සේ ගමන් කිරීම (SCREENEX), නෞකා අතර මුහුදේදී භාණ්ඩ හුවමාරුව සඳහා සූදානම් වීම (RAS Approaches), මුහුදේදී නෞකා වෙත ඉන්ධන ලබා දීම සඳහා නෞකා සූදානම් කිරීම (Abeam Fuelling Approaches), නෞකා යාත්‍රා කරමින් තිබියදී එම නෞකා පරික්‍ෂා කිරීම සඳහා සිදු කරනු ලබන නෞකා හා යාත්‍රා වෙත ප්‍රවිශ්ඨ වීම සෝදිසි කිරීම හා අත්අඩංගුවට ගැනීමේ අභ්‍යාස (Visit Board Search & Seizure – VBSS), නෞකා සංග්‍රාමික පෙළ හැඩ ගුවනේ සිට ඡායාරූප ගැනීම (PHOTOEX), ගුවනින් නෞකා වෙත සැපයුම් ලබාදීම (VERTREP) සහ ගුවන් යානා යොදා ගනිමින් සෙවීම් සහ මුදවා ගැනීම් අභ්‍යාස මෙන්ම නෞකා හා යාත්‍රා ගුවනින් සෝදිසි කිරීමේ අභ්‍යාස, නෞකා මතට හෙලිකොප්ටර් යානා ‍ගොඩබැස්සවීමේ අභ්‍යාස ඇතුළු අභ්‍යාසයන් සාර්ථකව සිදු කෙරුණා.

එමෙන්ම, මෙම අභ්‍යාසයට සමගාමීව ‍දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ සංස්කෘතික හුවමාරු වැඩසටහන්, සුහද ක්‍රීඩා තරඟ, යෝගා අභ්‍යාස සහ දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීමේ සංචාර සඳහා දෙරටේ නැව් මුළුවන් සහභාගී වූ අතර, ඉන්දීය නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් විසින් බත්තරමුල්ල ඉන්දීය සාම සාධක හමුදා අනුස්මරණ ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කිරීමද සිදු කරනු ලැබුවා.

මෙම අභ්‍යාසයට පැමිණි ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකාවන් නිරීක්ෂණය සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සහභාගී වූ අතර, එම නෞකාවන් නැරඹීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයන් හා ඔවුන‍්ගේ පවුල්වල සාමාජිකයන්, පාසැල් ළමුන්, ජාතික ශිෂ්‍යභට බලකායේ සාමාජිකයන් හට මෙන්ම සිවිල් මහජනතාවටද අවස්ථාව හිමි වුණා.

මෙම අභ්‍යාසයේ වරාය අධියරට සමගාමීව පුත්තලම, ග‍ඟේවාඩිය පිහිටි ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ මූලස්ථානයේ මානූෂීය ආධාර සහ ආපදා සහන පුහුණු සමාකෘතිය මඟින් සිදු කෙරුණු විශේෂ පුහුණු වැඩසටහනක් සඳහා ඉන්දීය නාවික හමුදා සාමාජිකයන් එක්වූ අතර, එහිදී මානූෂීය ආධාර සහ ආපදා සහන සම්බන්ධ දැනුම හුවමාරු කර ගැනීම සිදු කරනු ලැබුවා.

කටුනායක ගුවන් හමුදා කදවුරේදි පැවති Joint Heli Rappelling පුහුණු වැඩසටහනක් සඳහා ඉන්දීය නාවික හමුදා සාමාජිකයන්, විශේෂ යාත්‍රා බලඝණ සාමාජිකයන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයන් ද සහභාගි වී සිටියා.

මෙවැනි ඒකාබද්ධ නාවික අභ්‍යාස මඟින් කලාපීය සමුද්‍රීය පාර්ශවයන් අතර වැඩිදියුණු වන සහයෝගීත්වය සහ අන්තර් ක්‍රියාකාරීත්වය තුළින් ඉදිරියේදී සාගර කලාපයේ පොදු සමුද්‍රීය අභියෝග සාර්ථකව ජය ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි නාවික හමුදාව පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?