ශ්‍රී ලංකා – ඉන්දියා තරගාවලියේ වෙනසක්

මෙම මස අගට යේදී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ඉන්දීය තරග සංචාරය ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබුණත්, එය දෙරට අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියෙන් ආරම්භ කිරීමට මේ වන විට සැලසුම්කර තිබේ.

ඉන්දීය කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සමගින් එක්දින සහ විස්සයි විස්ස තරගාවලියකට සහභාගි වී සිටීම හා ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාව සමගින් විස්සයි විස්ස තරග පහකට සහභාගි වී සිටීම හමුවේ එම සංචිතයන්ට ජෛව ආරක්ෂණ බුබුලු අතර හුවමාරු වීමේ පහසුව තකා අදාළ වෙනස්කම සිදුකළ බව පැවසේ.

ඒ අනුව දෙරට අතර පළමු විස්සයි විස්ස තරගය පෙබරවාරි 24 වැනිදා ලක්නව්හිදී ආරම්භ වේ. තරගාවලියට අයත් දෙවැනි හා තෙවැනි තරග ධර්මසාලාහිදී පැවැත්වෙන අතර ඒවා පිළිවෙලින් 26 සහ 27 වැනිදා පැවැත්වෙනු ඇත.

මේ මස 25 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබුණු ටෙස්ට් තරගාවලියේ පළමු තරගය මාර්තු මස 03 වැනිදා මොහාලිහිදීත්, දෙවැනි තරගය 12 වැනිදා බැන්ගලෝර්හිදීත් පැවැත්වීමට නියමිතය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලට ජීවත් වෙන්න දෙන්නේ නෑ..බෝම්බ තිබ්බත් අපි එනවා මාළිගා ගාවට - මේකා මෝල්කාන්ත
02:59
Video thumbnail
එකපාරටම ගහපු බ්‍රේක් එක නිසා සිදු වූ බස් අනතුර
00:42
Video thumbnail
ආණ්ඩුව ඇඳුම් ලෑස්ති කරන් ඉන්න..අපි ළඟදිම එනවා - බත සපයන ගොවියන්ගේ බතට කෙළදාලා
04:42
Video thumbnail
දෙයිහාමුදුරුවනේ විපක්ෂයේ ඉද්දි තිබ්බ මොළේ කෝ ? - බීඩි සරතෝ ඇයි රජ‍රට ගොයියෝ නැද්ද ?
04:13
Video thumbnail
ආණ්ඩුව වට්ටන්න අපිට හදිසියක් නෑ - ආණ්ඩුව කොළේ වහලා ග#න්නේ මේ..අනුරට ලොකු වැරැද්දක් වෙනවා
04:43
Video thumbnail
රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී ආණ්ඩුව අලුත් ප්‍රශ්නයක් ඇතිකරගෙන
10:10
Video thumbnail
පච රැළ මාතෘ භූමියෙන් තුරක් කරන්න දෙයි හාමුදුරුවනේ - ගොවියෝ කුපිත වී ආණ්ඩුවට පොල් ග#යි
03:42
Video thumbnail
නාමල්ට මිනිස්සුන්ගෙන් ලැබෙන ආදරයට ආණ්ඩුවට දරාගන්න බැරිවෙලා - ජනප්‍රියම නායකයා තමයි නාමල්
03:50
Video thumbnail
මාලිමාව හොඳයි, දැන් සනීපයි ද ඔයාට..?
05:03
Video thumbnail
මාංචු දාගෙන අධිකරණයට ඇවිත් ඇප අරගෙන ගෙදර ගිය චරිත් - ගැම්මට වාහනයට නැගලා යන හැටි
01:44