spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන තීරණාත්මක තරගය අද

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ‘ඒ’ කාණ්ඩයේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය අද (01) ඕස්ට්‍රේලියාවේ බිස්බේන් හී දී පැවැත්වෙනවා.

මෙම තරගය මෙරට වේලාවෙන් පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මේ වනවිට සුපිරි 12 වටයේ එක් තරගයක් පමණක් ජයගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 05 වන ස්ථානයේ පසුවන්නේ ප්‍රසාද ලකුණු 02ක් ලබාගෙනයි.

ඒ, අනුව අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමට මේ වන විට ශ්‍රී ලංකාවට පවතින ඉඩකඩ ඉතාමත් අවමයි.

අද (01) පැවැත්වෙන තරගය සහ එංගලන්තය සමඟ පැවැත්වීමට නියමිත තරගයත් ජය ගතහොත් ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 06ක් හිමි හිමි වන අතර, නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව තරග ජයග්‍රහණය කරන ආකාරය අනුව ශ්‍රී ලංකාවට අවස්ථාවක් හිමිවන්නේ ද නැද්ද යන්න පිළිබඳ තීරණය වීමට නියමිතයි.

මේ අතර අද දිනයේ දී එංගලන්තය සහ නවසීලන්තය අතර තරගය ද පැවැත්වීමට නියමිත අතර, එම තරගය ද පැවැත්වෙන්නේ බිස්බේන් ක්‍රීඩාංගනයේ දීමයි.

මේ අතර ආබාධයක් හේතුවෙන් ඇෆ්ගනිස්තාන ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවෙක් වන හස්රතුල්ලා සසායීට අද තරගය අහිමිව යනවා.

එමෙන්ම ඔහුට විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුවන බවයි ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන්නේ.

ඔහු වෙනුවට ගුල්බදින් නයිබ් ඇෆ්ගනිස්තාන සංචිතයට ඇතුළත් කර ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?