ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන තීරණාත්මක තරගය අද

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ‘ඒ’ කාණ්ඩයේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය අද (01) ඕස්ට්‍රේලියාවේ බිස්බේන් හී දී පැවැත්වෙනවා.

මෙම තරගය මෙරට වේලාවෙන් පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මේ වනවිට සුපිරි 12 වටයේ එක් තරගයක් පමණක් ජයගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 05 වන ස්ථානයේ පසුවන්නේ ප්‍රසාද ලකුණු 02ක් ලබාගෙනයි.

ඒ, අනුව අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමට මේ වන විට ශ්‍රී ලංකාවට පවතින ඉඩකඩ ඉතාමත් අවමයි.

අද (01) පැවැත්වෙන තරගය සහ එංගලන්තය සමඟ පැවැත්වීමට නියමිත තරගයත් ජය ගතහොත් ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 06ක් හිමි හිමි වන අතර, නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව තරග ජයග්‍රහණය කරන ආකාරය අනුව ශ්‍රී ලංකාවට අවස්ථාවක් හිමිවන්නේ ද නැද්ද යන්න පිළිබඳ තීරණය වීමට නියමිතයි.

මේ අතර අද දිනයේ දී එංගලන්තය සහ නවසීලන්තය අතර තරගය ද පැවැත්වීමට නියමිත අතර, එම තරගය ද පැවැත්වෙන්නේ බිස්බේන් ක්‍රීඩාංගනයේ දීමයි.

මේ අතර ආබාධයක් හේතුවෙන් ඇෆ්ගනිස්තාන ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවෙක් වන හස්රතුල්ලා සසායීට අද තරගය අහිමිව යනවා.

එමෙන්ම ඔහුට විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුවන බවයි ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන්නේ.

ඔහු වෙනුවට ගුල්බදින් නයිබ් ඇෆ්ගනිස්තාන සංචිතයට ඇතුළත් කර ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:12:56
Video thumbnail
ක්‍රිකට් පනත ගැන ක්‍රීඩා ඇමති හෙළිකරයි - වැටුණට පස්සේ සෑහෙන කාලයක් යනවා මේක ගොඩගන්න
03:57
Video thumbnail
නොමිලේ නීති උපදෙස් ලබාදෙන ජංගම සේවයක් අපි ආරම්භ කරනවා - කුමන බාධක දැම්මත් පරාජය කරනවා
03:44
Video thumbnail
අරන්තලාවේදී ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර - මගීන් 60කට වැඩි පිරිසක් ඉදලා
00:50
Video thumbnail
වත්මන් රජයට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද ක්‍රමෝපායන් හුරුපුරුදු නෑ - ලක්ෂ 220ම එකතු වෙමු
05:05
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි
01:07
Video thumbnail
සුනු විසුණු වෙච්ච රටක් නැවත පණ ලබනවා - වැටුප මදි අපිට දෙන්න වෙන්නේ භාණ්ඩාගාරයේ තියෙන ප්‍රමාණයට
07:41
Video thumbnail
පරණ සමාජය ආයේ මේ රටට එන්න දෙන්නේ නෑ - ඇමති සමන්තගෙන් දැඩි ප්‍රකාශයක්
06:16
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33