AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා – ඇෆ්ගන් දෙවන එක්දින තරගය අද – චමීර එක්දින සංචිතයෙන් ඉවතට

ශ්‍රී ලංකාව සහ සංචාරක ඇෆ්ගනිස්ථානය අතර දෙවන එක්දින තරගය අද (11) පල්ලෙකැලේ දී පැවැත් වෙනවා.

අද (11) පස්වරු 2.30ට තරගය ආරම්භවීමට නියමිත අතර, අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ එක වෙනසක් සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර අද තරගයට එක් නොවන බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

ආබාධයක් හේතුවෙන් දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත්ව ඇති අතර, ඔහු වෙනුවට අසිත ප්‍රනාන්දු සංචිතයට කැඳවා ඇති බවයි වාර්තා වුණේ.

චමීරගේ වම් පාදයේ දණහිසට ඉහළ කොටසේ මස් පිඩු ඇදීමක් සිදුව ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.

දෙරට අතර පසුගිය 09 වනදා පැවති පළමු එක්දින තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 42කින් ජයග්‍රහණය කළා.

මේ අතර තරගාවලියේ ජයග්‍රහණය සම්බන්ධයෙන් බලාපොරොත්තු තබා ගැනීමට නම් ඇෆ්ගනිස්ථානයට අද තරගය ජයගැනීම අනිවාර්ය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
7
+1
2
+1
2
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?