ශ්‍රී ලංකා – ඇෆ්ගන් දෙවන එක්දින තරගය අද – චමීර එක්දින සංචිතයෙන් ඉවතට

ශ්‍රී ලංකාව සහ සංචාරක ඇෆ්ගනිස්ථානය අතර දෙවන එක්දින තරගය අද (11) පල්ලෙකැලේ දී පැවැත් වෙනවා.

අද (11) පස්වරු 2.30ට තරගය ආරම්භවීමට නියමිත අතර, අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ එක වෙනසක් සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර අද තරගයට එක් නොවන බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

ආබාධයක් හේතුවෙන් දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත්ව ඇති අතර, ඔහු වෙනුවට අසිත ප්‍රනාන්දු සංචිතයට කැඳවා ඇති බවයි වාර්තා වුණේ.

චමීරගේ වම් පාදයේ දණහිසට ඉහළ කොටසේ මස් පිඩු ඇදීමක් සිදුව ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.

දෙරට අතර පසුගිය 09 වනදා පැවති පළමු එක්දින තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 42කින් ජයග්‍රහණය කළා.

මේ අතර තරගාවලියේ ජයග්‍රහණය සම්බන්ධයෙන් බලාපොරොත්තු තබා ගැනීමට නම් ඇෆ්ගනිස්ථානයට අද තරගය ජයගැනීම අනිවාර්ය වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14