ශ්‍රී ලංකා අපනයන ණය රක්‍ෂණ සංස්ථාව දශකයකට පසු කෝප් කමිටුව හමුවට

ශ්‍රී ලංකා අපනයන ණය රක්‍ෂණ සංස්ථාවේ කළමනාකාරිත්වය සහ ව්‍යුහාත්මක අක්‍රමිකතා පිළිබඳව සිය සම්පූර්ණ අප්‍රසාදය පළ කරන බවයි කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාර පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා අපනයන ණය රක්‍ෂණ සංස්ථාවේ 2019 සහ 2020 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වත්මන් ක්‍රියාකාරීත්වය විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදීයි.

ආයතනික තොරතුරු අස්ථානගත වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා වහාම පරීක්ෂණ පවත්වන ලෙස ද කෝප් කමිටු සභාපතිවරයා ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවට උපදෙස් දී තිබෙනවා.

මුදල් අමාත්‍යාංශයට අනුබද්ධ අභ්‍යන්තර විගණකවරයාගෙන් සමන්විත ස්වාධීන කමිටුවක් පත් කර සති 3ක් ඇතුළත මෙම ආයතනය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීමටයි මෙහිදී නිර්දේශ කෙරුණේ.

ආයතනයේ සාමාන්‍යාධිකාරීවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් පවත්වා අප්‍රේල් 18 වැනිදාට පෙර කමිටුවට වාර්තා කරන ලෙස මුදල් අමාත්‍යාංශයට උපදෙස් දී ඇති අතර ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව සිය ආයතනික සැලැස්ම හැකි ඉක්මනින් කෝප් කමිටුව වෙත ඉදිරිපත් කරන ලෙසට ද උපදෙස් දී තිබෙනවා.

දැනට සංස්ථාවේ පුරප්පාඩු ව පවතින අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධාන තනතුරු 5 වහාම ක්‍රියාත්මක වන පරිදි පිරවීමට ද කෝප් කමිටුව උපදෙස් දෙනු ලැබුවා.

ජාත්‍යන්තර වෙළඳාම සංවර්ධනය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම මෙන්ම අපනයනකරුවන්, බැංකු, ආනයනකරුවන් සහ අනෙකුත් මූල්‍ය ආයතනවලට සහය දැක්වීම සහ ආරක්ෂා කිරීම සඳහා පිහිටුවා ඇති ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙන්නේ දශකයකට පසුව බව කමිටු සභාපතිවරයා මෙහිදි අවධාරණය කළා.

ශ්‍රී ලංකා අපනයන ණය රක්‍ෂණ සංස්ථාව සිය වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට අපොහොසත් වීම පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව අවධානය යොමු කළ අතර වගකිව යුතු රාජ්‍ය ආයතනයක් ලෙස විගණකාධිපතිවරයාගේ කටයුතුවලට ලබාදෙන සහයෝගය අඩුවීම පිළිබඳව ද සිය අප්‍රසාදය පළ කර තිබෙනවා.

වසර 10ක කාලයක් තිස්සේ ආයතනික සැලැස්මක් සකස් නොකිරීමට හේතු විමසූ කමිටුව ආයතනික සැලැස්මක් නොමැතිව මෙම ආයතනයේ පරිපාලන ක්‍රියාවලිය සිදු කර ඇත්තේ කුමන පදනමක් මතදැයි ආයතනයේ සාමාන්‍යාධිකාරීවරයාගෙන් මෙහිදී ප්‍රශ්න කළා.

ඒ අනුව හැකි ඉක්මනින් ආයතනික සැලැස්මක් සකසා කමිටුව හමුවට ඉදිරිපත් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙසටයි කෝප් කමිටුව පැමිණ සිටි නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ.

ඊට අමතරව, මූල්‍ය කටයුතු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධාන තනතුර 05ක් පුරප්පාඩු වී ඇත්තේ මන්දැයි ද කෝප් කමිටුව මෙහිදී විමසා සිටියා.

ආයතනය මෙහෙයවීමේදී සාමාන්‍යාධිකාරීවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳ සිය අප්‍රසාදය පළ කළ කමිටුව අදාළ නිලධාරීන්ගේ නොසැලකිලිමත්කම සහ අක්‍රියතාව නිසා පනතට අනුව ආයතනයේ නියමිත අරමුණු කරා ළඟා වීමට අපොහොසත් වී ඇති බවද කෝප් කමිටුව අවධාරණය කර තිබෙනවා.

එබැවින් ආයතනික ස්ථාවරත්වය සහ නිසි ආයතනික යාන්ත්‍රණය සහතික කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල පුරප්පාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි පිරවීමට කටයුතු කරන ලෙසටයි කෝප් සභාපතිවරයා නිර්දේශ කළේ.

ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව පාර්ලිමේන්තුවට, විගණකාධිපතිවරයාට සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට වගකීමෙන් සහ වගවීමෙන් වැළකී සිටීම පිළිබඳව ද මෙහිදී අප්‍රසාදය පළ වුණා.

එමෙන්ම, රජයේ වැදගත් තොරතුරු සහ ලේඛන අස්ථානගත වී ඇත්තේ කෙසේද සහ එවැනි ක්‍රියාවලට වගකිව යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳව ද කෝප් කමිටුව විමසීමක් කළා.

ඒ අනුව කෝප් කමිටුවේ සභාපති, රංජිත් බණ්ඩාර ශ්‍රී ලංකා අපනයන ණය රක්‍ෂණ සංස්ථාවේ සිදුවෙමින් පවතින අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමේදී මුදල් අමාත්‍යාංශයේ උදාසීන ස්වභාවය පිළිබඳව කනස්සල්ල පළ කරනු ලැබුවා.

ආයතනයේ ආයතනික තොරතුරු අස්ථානගතවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට නිර්දේශ කළ ඔහු එම කරුණ සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙසටයි සංස්ථාවේ සභාපතිවරයාට නිර්දේශ කළේ.

තවද, මුදල් අමාත්‍යාංශයට අනුබද්ධ අභ්‍යන්තර විගණකවරයාගෙන් සැදුම්ලත් ස්වාධීන කමිටුවක් පත්කර සංස්ථාවේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් වාර්තාවක් සති 3ක් ඇතුළත ලබාදෙන ලෙසද ආයතනයේ සාමාන්‍යාධිකාරීවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් පවත්වා අප්‍රේල් 18 වැනිදාට පෙර කෝප් කමිටුවට වාර්තා කරන ලෙස ද මුදල් අමාත්‍යාංශයට උපදෙස් ලබා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත අවු:14ක් තිස්සේ කරපු සෙල්ලම් ඔක්කොම එළියට ?..ලාල්ව වහාම අත්අඩංගුවට ගන්න
04:56
Video thumbnail
ගාල්ල බද්දගම මාර්ගය නිසා දැඩි උණුසුම් තත්ත්වයක් - උනුත් එකයි මුනුත් එකයි..අපේ පාර කඩලා
04:50
Video thumbnail
කොහොමද ඒ කඹ ඇදිල්ල..වැල්ලවායේ පොලිසිය පවුලේ අය එක්ක තිබ්බ අවුරුදු උත්සවය..
02:23
Video thumbnail
අස්ථානගත වූ මුදල්වල වරදකරු හොයන්න සත්‍ය ගවේශකයෝ පෙරට - රටේ මිනිස්සුන්ගේ සල්ලිනේ මේ
01:18
Video thumbnail
සනත්ගෙයි ජෙරම්ගෙයි තනතුරේ ආරවුල ඈෂ්ලිද සිල්වා ලිහයි.."මේ නම දාලා තියෙන්නේ..බලන්න"
02:31
Video thumbnail
තිස්සකුට්ටි ජනපතිගේ වීඩියෝවක් ලීක් කරයි..කට ඇරියොත් බොරු කියන්නේ..සත පහක වගකීමක් නෑ
01:27
Video thumbnail
ආණ්ඩුව මහ දවල් මුදල් අමාත්‍යංශය මංකොල්ල කාලා - නාමල් හොඳම එකෙන් දෙසයි
02:36
Video thumbnail
රත්නපුර පොළ සංකීර්ණයේ හදිසියේම හටගත් ගින්න..කඩ සේරම මුළුමනින්ම ගිනිබත්වෙලා
03:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5ක හොරකම ගැන කරුණු රැසක් එළියට..ජනපති මුදල් ඇමතිකමින් ඉවත් වෙන්න
04:39
Video thumbnail
වැල්ලවායේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර..
01:09