ශ්‍රී ලංකාව 19න් පහළ ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (01) හැකියාව ලැබුණා.

ඒ, අද පැවති තරගයේ දී ඇෆ්ගනිස්ථාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 131කින් පරාජයට පත් කරමින්.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජාහි දී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 243ක් රැස්කිරීමට සමත් වුණා.

එහිදී ශාරුජන් ෂන්මුගනාදන් වටිනා ශතකයක් රැස්කරමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීමේ වැඩි දායකත්වය ලබා දුන්නා.

ඊට අමතරව ආරම්භක පිතිකරු පුලිඳු පෙරේරා අර්ධ ශතකයක් රැස් කළා.

ඔවුන් දෙදෙනා එක්ව ශ්‍රී ලංකා ඉනිමේ දෙවන කඩුල්ල සඳහා ශතක සබඳතාවක් ගොඩ නැඟුවා.

අනතුරුව ඇෆ්ගනිස්ථාන වයස අවුරුදු 19 පහළ ක්‍රීඩකයින් පිළිතුරු ඉනිම ආරම්භ කළ අතර, එහිදී පන්දුවාර 28යි පන්දු 02ක් තුළ ලකුණු 112කට ඇෆ්ගනිස්ථාන සියලුම පිතිකරුවන්ව දවාගන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නට හැකියාව ලැබුණා.

පන්දු යැවීමේ දී ප්‍රවීන් මනීෂ කඩුලු 03ක් බිඳ දැමූ අතර, විහස් තෙව්මික, නිව්ටන් රංජිත්කුමාර් සහ විරාන් චමුදිත අතරේ කඩුලු 02 බැඟින් බෙදී ගියා.

ඒ, අනුව මෙම තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 131ක් දැවැන්ත ජයක් හිමි වූ අතර, මෙම ජයත් සමඟ තරගාවලියේ ‘B’ කාණ්ඩයෙන් ක්‍රීඩාකරන ශ්‍රී ලංකාව තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම අවසන් පූර්ව වටයට පිවිසීමට සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15