තරග දෙකකින් සමන්විත අවසන් ටෙස්ට් තරගය අද (25) පෙරවරු 10ට කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී ආරම්භ වනවා.
ඒ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර යි.
පළමු තරගය ගාල්ලේ දී පැවැත්වුණු අතර එය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.
එම තරගයේ දී විශිෂ්ට ටෙස්ට් ක්‍රීඩකයෙකු ලෙස ඉතිහාසගත වුණු තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජිලෝ මැතිව්ස් ජාත්‍යන්තර ටෙස්ට් පිටියට සමුදුන් අතර ඔහු අද තරගයට නොමැති වීම හේතුවෙන් ඔහු වෙනුවෙන් ආදේශකයක් සොයා ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අභියෝගයක් ලෙසයි සැලකෙන්නේ.
ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුතුව අද කණ්ඩායම පිටියට පිවිසෙන අතර නජ්මුල් ෂැන්ටෝ බංග්ලාදේශය මෙහෙයවනවා.
ලබන වසර තෙක් ටෙස්ට් තරග නොමැතිකමින් ශ්‍රී ලංකා කණ්ඩායමට අදින් ආරම්භ වන ටෙස්ට් තරගය වඩාත් වැදගත් වනු ඇති.
මේ අතර අද දිනයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකරගත් 170 වැනි ක්‍රීඩකයා ලෙස සොනාල් දිනූෂ ද තරගයට එක්වනු ඇති.





