ශ්‍රී ලංකාව සහ පෘතුගාලය සබඳතා වැඩි දියුණු කිරීමට අගමැතිගේ අවධානය

ශ්‍රී ලංකාව හා පෘතුගාලය අතර වෙළඳ හා සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට අගමැතිගේ අවධානය යොමු වී තිබෙනවා.

ඒ ශ්‍රී ලංකාවේ පෘතුගාල තානාපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකදීයී.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ශ්‍රී ලංකාවේ පෘතුගාල තානාපති මෙන්ඩිස් දි අල්මේයිදා මහතා අතර සාකච්ඡාවක් පැවැත් වුණේ අරලියගහ මන්දිරයේදීයි.

ශ්‍රී ලංකාව හිතකර සංචාරක ගමනාන්තයක් ලෙස පෘතුගාල ජනතාව අතර ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරන්නැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී ඉල්ලීමක් කර තිබෙනවා.

පෘතුගාල සංචාරකයින් ඉන්දියාවට ආකර්ශනය කර ගැනීමට ක්‍රියාත්මක කළ ‘ලිස්බන් සිට ගෝවා දක්වා 19 වැනි සියවසේ නැඟෙනහිර ගමන’ වැනි වැඩසටහනක් හඳුන්වා දෙමින් ශ්‍රී ලංකාව ද පෘතුගාලයේ හිතකර සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ හැකියාව ඇති හෙයින්, පෘතුගාලයේ ලිස්බන් සිට ගාල්ල දක්වා එවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කළ හැකි බවයි පෙන්වා දුන්නේ.

මීට විසි වසරකට පෙර තමන් ද සංචාරකයෙකු ලෙස ශ්‍රී ලංකාවට පැමිණි බව සිහිපත් කළ පෘතුගාල තානාපතිවරයා කියාසිටියේ පෘතුගාල සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය සියලු සාධක ශ්‍රී ලංකාව සතු බවයි.

කුලුබඩු වැනි ශ්‍රී ලාංකික නිෂ්පාදන සඳහා පෘතුගාලයේ වැඩි වෙළඳපොල වැඩි අවස්ථාවක් ලබාදීමට අදාළ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු සාකච්ඡා කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22