ශ්‍රී ලංකාව ගැන චීනය සහ ඇමරිකාව මත ගැටුමක

ශ්‍රී ලංකාව සඳහා වඩාත් සහනදායී විසඳුමක් මූල්‍ය අරමුදල වෙතින් ලබාදීම සඳහා කටයුතු නොකර, චීනය සහ ශ්‍රී ලංකාව අතර විරසකයක් නිර්මාණය කිරීමට අමෙරිකාව උත්සාහ කරන බව මෙරට චීන තානාපති කාර්යාලය පවසනවා.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය මෙම චෝදනා එල්ලකරන්නේ මූල්‍ය සහතිකයක් ලබාදීමට චීනය පමාකිරීම සම්බන්ධයෙන් මෙරට අමෙරිකානු තානාපතිවරිය විසින් චීනයට එල්ල කරනු ලැබු චෝදනාවලට පිළිතුරු ලබාදෙමින්.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලි චන්ග් මහත්මිය විසින් BBC ආයතනයට සිදුකළ ප්‍රකාශයක් පිළිබඳ මෙරට චීන තානාපති කාර්යාලය මෙලෙස දැඩි විවේචනාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අමෙරිකානු තානාපතිනිය බීබීසී වැඩසටහනට ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාවට මූල්‍ය අරමුදලේ ණය මුදල ලබාගැනීමට ප්‍රධානතම බාධකය වී ඇත්තේ චීනය බවයි.

අමෙරිකානු තානාපතිවරියගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් කොළඹ චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව පවත්වන සාකච්ඡා කඩාකප්පල් කරන්නේ චීනය බවට අමෙරිකානු තානාපතිනිය කුප්‍රකට මන්ත්‍රය නැවත ජපකරන බවයි.

එවැනි පදනම් විරහිත චෝදනා එල්ල කිරීමට සහ දේශන පැවැත්වීමට පෙර මූල්‍ය අරමුදලේ තීරණ සම්බන්ධයෙන් විශාලතම නිෂේධ බලය පවතින්නේ අමෙරිකාව මත බව තානාපතිනිය වටහාගත යුතු බව චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

එමෙන්ම ශ්‍රී ලංකාවේ බාහිර ණය අතුරින් 40%ක් පමණ නියෝජනය කරන ඉහළ පොලී ලැබීමේ අපේක්ෂාවෙන් මෙරට ස්වෛරීත්වය බැඳුම්කර වැඩි ප්‍රමාණයක් මිලදී ගෙන ඇත්තේ කවුරුන්ද යන්න තානාපතිනිය තමාගෙන්ම විමසා ගතයුතු බවත් අදාළ නිවේදනයේ දැක්වෙනවා.

ශ්‍රී ලංකාව විදෙස් ණය ගෙවීම් තාවකාලිකව අත්හිටවූ වහාම අධිකරණයට ගියේ කවුරුන්ද යන්න විමසිය යුතු කරුණක් බවයි චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකාව සඳහා වඩාත් සහනදායී විසඳුමක් මූල්‍ය අරමුදල වෙතින් ලබාදීම සඳහා තීරණයකට එළැඹීමෙන් තොරව අමෙරිකාව, චීනය සහ ශ්‍රී ලංකාව අතර විරසකයක් නිර්මාණය කිරීමට උත්සාහ කරන බවට ද එම නිවේදනය මගින් චෝදනා කරනවා.

එහෙත් සැබෑ කඩාකප්පල්කරු කවුරුන් ද යන්න වටහා ගැනීමට චීන සහ ශ්‍රී ලංකා ජනතාව බුද්ධිමත් බවයි චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

China1
China2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.23
00:00
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.22
52:18
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12