ශ්‍රී ලංකාවේ රතු කුරුස සහ රතු අඬසඳ ව්‍යාපාරයේ කටයුතු පිළිබඳ ව වැඩමුළුවක්

ශ්‍රී ලංකාවේ රතු කුරුස සහ රතු අඬසඳ ව්‍යාපාරයේ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ජූලි 11 වන දින පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වුණා.

ශ්‍රී ලංකාවේ රතු කුරුස සහ රතු අඬසඳ ව්‍යාපාරය මගින් සංවිධානය කරන ලද මෙම වැඩමුළුව නියෝජ්‍ය කථානායක (වෛද්‍ය) රිස්වි සාලි මහතාගේප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පිරිසක් සහභාගී වූ මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න, ව්‍යවස්ථාදායක සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ වැඩබලන සන්නිවේදන අධ්‍යක්ෂ ජයලත් පෙරේරා යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියා.

ශ්‍රී ලංකාවේ රතු කුරුස සහ රතු අඬසඳ ව්‍යාපාරයේ (SLRCS) අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මහේෂ් ගුණසේකර, ජාත්‍යන්තර රතුකුරුස කමිටුවේ (ICRC) ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ හිටපු ප්‍රධානී සෙවරින් චැපාස්, ICRC ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ නව ප්‍රධානී ඇන්ජලික් ඇපෙයිරොක්ස්, ජාත්‍යන්තර රතුකුරුස සම්මේලනයේ (IFRC) දකුණු ආසියාව සඳහා වන දේශීය පොකුරු නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී ජෝන් එන්ට්විස්ට්ල්, SLRCS උපදේශක සුසිල් පෙරේරා, SLRCS සන්නිවේදන ප්‍රධානී රුවන්ති ජයසුන්දර, යන මහත්ම මහත්මීහු මෙම වැඩමුළුවේ සම්පත්දායකයන් ලෙස සහභාගී වුණා.

මෙහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය කථානායක (වෛද්‍ය) රිස්වි සාලි මහතා සඳහන් කළේ, 1936 සිට ශ්‍රී ලංකාවට සේවය කරන ශ්‍රී ලංකා රතු කුරුස සංගමය දුෂ්කර අවස්ථාවන්හිදී රට වෙනුවෙන් පෙනී සිටි බවයි.

මැලේරියාව තුරන් කිරීම, සුනාමිය සහ සිවිල් යුද්ධය වැනි විවිධ අවස්ථාවන්හිදී ශ්‍රී ලංකා රතු කුරුස සංගමය විසින් ලබා දුන් සහාය අමතක කළ නොහැකි බව ඔහු පැවසුවා.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ දැනුවත් කිරීමේ ව්‍යාපෘති සහ රුධිර පරිත්‍යාග කඳවුරු ඇතුළු කටයුතු සඳහා ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ දායකත්වය නියෝජ්‍ය කථානායකවරයාගේ ඇගයීමට ලක්වුණා.

එපමණක් නොව, රතු කුරුස සංවිධානයේ සහ රතු අඩසඳ ව්‍යාපාරයේ සාමාජිකයින් තම ජීවිත පරදුවට තබා යුද කලාපවල ජනතාවට ලබා දුන් සහයෝගීතාවයට නියෝජ්‍ය කථානායකවරයා සිය කෘතඥතාව පළ කළා.

ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ ආරම්භය, එය ශ්‍රී ලංකාව තුළ සිදු කරන ක්‍රියාකාරකම් සහ ICRC සහ IFRC අතර ඇති වෙනස්කම් ආදිය සහ ඔවුන් සපයන සේවාවන් පිළිබඳව ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ නියෝජිතයින් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පැහැදිලි කිරීමක් සිදු කෙරුණා.

ශ්‍රී ලංකා රතු කුරුස හා රතු අඩසඳ සංගමය සමඟ එක්ව කටයුතු කිරීමට ඇති සූදානම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙහිදී අවධාරණය කළ අතර, මේ සම්බන්ධයෙන් ඉදිරියේදී තවදුරටත් සාකච්ඡා කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?