ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විවාදයක්

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ ආර්ථික තත්ත්වය පිළිබඳව එක්සත් රාජධානියේ ප්‍රතිචාරය පිළිබඳ විවාදයක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී ලබන 09 වනදා පැවැත්වීමට නියමිතයි.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ට තමන් කැමති විවාද ඉල්ලීමට අවස්ථාව ලබා දෙන අතර, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පසුපෙළ ව්‍යාපාරික කමිටුව විසින් කරන ලද ඉල්ලීමකට අනුවයි මෙම විවාදය පැවැත් වෙන බවයි විදෙස් මධ්‍ය වාර්තා කළේ.