ශ්‍රී ලංකාවේ පළමු විදෙස් පක්ෂි උද්‍යානය හෙට විවෘත වෙයි (ඡායාරූප)

මහනුවර හන්තානේ ස්ථාපිත මෙරට පළමු ජාත්‍යන්තර පක්ෂි උද්‍යානය සහ පාරිසරික සංචාරක කලාපය (Hanthana Bird Park) ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අතින් හෙට (20) විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

හෙට පස්වරු 3ට එම උද්‍යානය විවෘත කෙරන අතර මහජනයා වෙනුවෙන් විවෘත වන්නේ ලබන 23 වනදායි.

හන්තාන තේ කෞතුකාගාර පරිශ්‍රයට යාබදව පිහිටි අක්කර 27ක භූමියකින් යුතු මෙම විදේශීය පක්ෂි උද්‍යානය සහ පාරිසරික සංචාරක කලාපය විදේශීය පක්ෂි වර්ග 200කට අධික සංඛ්‍යාවකින් යුක්ත වන අතර දුර්ලභ විදෙස් පක්ෂින් ද මේ අතර වනවා.

විදේශීය රටවලට ආවේණික පක්ෂීන්, සංචාරක පක්ෂීන් ගෙන් සමන්විත මෙම උද්‍යානය ආබාධවලට පත්වූ පක්ෂීන්ට ප්‍රතිකාර කර නිදහස් කරන ඒකකයකින් ද සමන්විත බව එහි සභාපති නිශාන්ත කෝට්ටේගොඩ මහතා ප්‍රකාශ කළා.

රුපියල් මිලියන 500 ක විදයමින් ස්ථාපිත කර ඇති මෙම උද්‍යානයේ විශාල කූඩු තුළ විදෙස් පක්ෂීන් රඳවා ඇති අතර සියයකට ආසන්න කාර්යය මණ්ඩලයක් මගින් සතුන් රැක බලා ගැනිම සිදු කෙරෙනවා.

වසර 40ක කාලයක් තිස්සේ විදෙස් පක්ෂීන් පිළිබඳව කරන ලද අධ්‍යනයක් අනුව මෙම උද්‍යානය ස්ථාපිත කර ඇති අතර විදේශීය පක්ෂීන් රැසක් මෙරටදී අභිජනනය කිරීමට හැකි වීම විශේෂත්වයක්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරෙන මෙම විදෙස් කුරුළු උද්‍යානය හා පාරිසරික සංචාරක කලාපයේ පළමු අධියර දෙස් විදෙස් සංචාරකයන්ට විදෙස් පක්ෂීන් නැරඹීමේ පහසුකම්, සත්ව විද්‍යා සිසුන් සඳහා අධ්‍යාපනික පුහුණු මධ්‍යස්ථානයක්, පක්ෂි අනාථාගාරයක්, පක්ෂි උපස්ථාන හා නිරෝධායන ඒකකයකින් ද සමන්විත වනවා.

විදෙස් පක්ෂීන් බිහිකිරීම හා අපනයනය කිරීමේ ඒකකයක්, පාසල් සිසුන් සඳහා අධ්‍යාපනික හා විනෝද මධ්‍යස්ථානයක්, ස්වාභාවික පක්ෂි අධ්‍යයන මධ්‍යස්ථානයකින් ද මෙම උද්‍යානය සමන්විත බව හන්තාන විදෙස් පක්ෂි උද්‍යානය සහ පාරිසරික සංචාරක කලාපයේ සභාපති නිශාන්ත කෝට්ටේගොඩ මහතා සඳහන් කළා.

මෙහි දෙවන අදියර වශයෙන් සමනළ උද්‍යානයක්, උද්‍යානයක්, කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිත අතර කුඩා දරුවන් උදෙසා විශේෂ ක්‍රීඩා පහසුකම්, ආපනශාලා, නවාතැන් පහසුකම් මෙන්ම වනාන්තර සංචරණ පහසුකම් වශයෙන් සංවර්ධනය කෙරෙන අතර සංචාරක ව්‍යාපාරය නගා සිටුවීම මෙහි එක් අරමුණක් බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
68
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33
Video thumbnail
තමන්ගේ නම ගහපු Number Plate ඉස්සරහට ගන්න පුළුවන් ?
04:06
Video thumbnail
අංක තහඩු ලැමිනේට් කරලා ගියොත් පොලිසියෙන් දඩ..ඔයාලා ඒ දඩේ ගෙවනවද ?..හර්ෂද එකක් නෑර ප්‍රශ්න කරයි
13:46
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32