ශ්‍රී ලංකාවේ පර්යේෂණ සහ සංවර්ධන අංශ ශක්තිමත් කිරීමට දකුණු අප්‍රිකාවේ අවධානය

ශ්‍රී ලංකාවේ පර්යේෂණ සහ සංවර්ධන අංශ ශක්තිමත් කිරීම කෙරෙහි දකුණු අප්‍රිකානු රජයේ විශේෂ අවධානය යොමුව තිබෙන බව දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් සැන්ඩයිල් එඩ්වින් ෂල්ක් (Sandile Edwin Schalk) මහතා ප්‍රකාශ කරනවා.

අප්‍රිකානු මහ කොමසාරිස්වරයා මේ බව පැවසුවේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත දකුණු අප්‍රිකානු රජයේ සුබ පැතුම් එක් කරමින් ඊයේ (15) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීයි.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩිදියුණු කර ගැනීම, මෙරට නිෂ්පාදන අංශය ශක්තිමත් කිරීම, සංචාරක කර්මාන්තය දියුණු කිරීම සහ අධ්‍යාපන අංශයේ ප්‍රතිසංස්කරණ අනුගමනය කිරීම, කාන්තාවන් සහ ළමුන්ගේ ආරක්ෂාව යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙහිදී සාකච්ඡා කෙරුණා.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් මහින්ද ගුණරත්න යන මහත්වරුන් සහ දකුණු අප්‍රිකාවේ මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටි බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එකම වෙලාවේ එකම ගුවන් යානයේ අනුර සහ නාමල් ?
00:43
Video thumbnail
අතරමං වෙච්ච අලි රෑනක් පලවා හැරිය හැටි කැමරාවේ සටහන් වෙයි
01:07
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ඉල්ලීමක්
06:07
Video thumbnail
අතරමං වෙච්ච අලි රෑනක් පලවා හැරිය හැටි කැමරාවේ සටහන් වෙයි...විශාල විනාශයක් වාසනාවකට නැවතුනා
03:26
Video thumbnail
ජනපති සිංහලෙන් කළ විශේෂ ප්‍රකාශය..
08:37
Video thumbnail
ජනපති සහ මාලදිවයිනේ ජනාධිපතිවරයා අතර ද්වීපාර්ශවික සාකච්ඡා ඇරඹෙයි
01:16
Video thumbnail
මෛත්‍රීපාල ලක්ෂ 50ක මුදලක් ගසා කාලා?
02:59
Video thumbnail
රට තුළ ප්‍රමිතයක් නැති පොල්තෙල් විකිණෙනවා..කූට ව්‍යාපාරිකයන්ට අහුවෙන්න එපා..!!
04:44
Video thumbnail
බොරැල්ලේ සිදුවූ බිහිසුණු අනතුරේ CCTV දර්ශන මෙන්න ..දොඹකරයේ රියදුරා ගංජා බීලා පදවලා තියෙන්නේ?
00:54
Video thumbnail
ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ මාලදිවයින් රාජ්‍ය සංචාරයේ නිල පිළිගැනීමේ උත්සවය
09:16


?