ශ්‍රී ලංකාවේ පර්යේෂණ සහ සංවර්ධන අංශ ශක්තිමත් කිරීමට දකුණු අප්‍රිකාවේ අවධානය

ශ්‍රී ලංකාවේ පර්යේෂණ සහ සංවර්ධන අංශ ශක්තිමත් කිරීම කෙරෙහි දකුණු අප්‍රිකානු රජයේ විශේෂ අවධානය යොමුව තිබෙන බව දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් සැන්ඩයිල් එඩ්වින් ෂල්ක් (Sandile Edwin Schalk) මහතා ප්‍රකාශ කරනවා.

අප්‍රිකානු මහ කොමසාරිස්වරයා මේ බව පැවසුවේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත දකුණු අප්‍රිකානු රජයේ සුබ පැතුම් එක් කරමින් ඊයේ (15) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීයි.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩිදියුණු කර ගැනීම, මෙරට නිෂ්පාදන අංශය ශක්තිමත් කිරීම, සංචාරක කර්මාන්තය දියුණු කිරීම සහ අධ්‍යාපන අංශයේ ප්‍රතිසංස්කරණ අනුගමනය කිරීම, කාන්තාවන් සහ ළමුන්ගේ ආරක්ෂාව යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙහිදී සාකච්ඡා කෙරුණා.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් මහින්ද ගුණරත්න යන මහත්වරුන් සහ දකුණු අප්‍රිකාවේ මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටි බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46